අල්ලස් ලබා ගත් මීගමුවෙ පොලිස් ලොක්කා

අල්ලස් ලබා ගත් මීගමුවෙ පොලිස් ලොක්කා

කුලී පදනම මත ලබාදුන් මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් විභාගකිරීම සහ අධිකරණය මගින් යළි මෝටර් රථය ලබාගැනීමට සහායවීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පොලිස් නිලධාරීයා විසින් රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර අදාළ මුදල පැමිණලිකරු විසින් වායු සමීකරණය මිලදී ගන්නා වෙළඳසැලේ කලමනාකරුගේ ගිණුමට බැර කර ඇති බවයි.

ඒ අනුව අදාළ අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.