හුරුලු වැවේ සැඟවුණු ධීවර ඔරු සොයා මෙහෙයුමක්

හුරුලු වැවේ සැඟවුණු ධීවර ඔරු සොයා මෙහෙයුමක්

පවතින වර්ෂාවත් සමග සීඝ්‍රයෙන් වැඩි වෙන හුරුලු වැවේ ජලයේ සැඟවුණු ධීවර ඔරු සොයා මෙහෙයුම්

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට සහ ඉහළ ප්‍රදේශවලට ලැබුණු වර්ෂාවත් සමග හුරුළුවැවේ ධීවර රැකියාවේ නියුතු ධීවරයින්ගේ ධීවර ඔරු දාසයක් ජලය ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති අතර ඉන් අටක් සොයාගැනීමට හැකි වූූ බවත් තවත් ඔරු අටක් අතුරුදන්ව පවතින බව ධීවරයෙන් පවසති. මේ හේතුවෙන් ධීවර රැකියාව තුළින් දිවි ගෙවූ පවුල් විස්සකට ආසන්න සංඛ්‍යාවකගේ ජීවන රටාවට දැඩි බලපෑමක් එල්ල වන බවද ඔවුන් පපවසති.

මේ වන විට හුරුලු වැව වාන් මට්ටමට පැමින නැතත් වැවෙහි ජලධාරිතාවය අක්කර අඩි 27325 ක් දක්වා , ඉහළ ගොස් පවතී.

පසුගිය දින කීපයෙහිම ගලෙන්බිදුණුවැව හුරුලුවැව ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමග දින කීපයක් මුළුල්ලෙහි දිවරයින් තම ධීවර රැකියාවේ නොගොස් ඇති අතර වැවෙහි වාන අසළ ඇති ධීවර තොටුපළෙහි දම්වැල් දා නවතා තිබූ ධීවර ඔරු 16 ක් ජලයේ ගසාගෙන ගොස් ඇති බවත් ඉන් 8 සොයාගැනීමට හැකි වූ බවත් අනිත් ඔරු මෙදක්වා සොයා ගැනීමට නොහැකිව තිබෙන බව එම තොටුපලේ ධීවරයන් පවති.

මේ වන විට මෙම ධීවර ඔරු නොමැතිකමින් සිය ධීවර රැකියාව සිදුකරගැනීමට නොහැකිව සිටින බව එම ධීවරයන් පෙන්වා දෙන අතර මේ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මෙම ධීවරයන් පවසති.

එම නිසා ඔවුන් බළදාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට තම ධීවර රැකියා සිදුකරගැනීමට අවශ්‍ය කරන ඔරු සොයාගැණිම කිසියම් ආයතනයක් මැදිහත්ව අදාල ගැටලුව සදහා නිසි විසදුමක් ලබාදෙන ලෙසයි

ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය