සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක් සිදු කරන බව” දැක්වෙන පණිවුඩ ක්ලික් කිරීමට යෑමෙන් වළකින්න
සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක් සිදු කරන බව” දැක්වෙන පණිවුඩ ක්ලික් කිරීමට යෑමෙන් වළකින්න
ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක් සිදු කරන බව” දැක්වෙන පණිවුඩ ක්ලික් කිරීමට යෑමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිය
එම පණිවුඩ හුවමාරු වීම ඉහළ යෑම සම්බන්ධයෙන් සිය සංගමයට පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාපැවැසීය.
මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනෑම අවස්ථාවක යම් පුද්ගලයකුගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට ලබාගත හැකි අතර, යම් පුද්ගලයකුගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක් ද සිදු කළ හැකි බව හෙතෙම කීය.
එබැවින් මෙවැනි ව්‍යාජ පණිවුඩ ක්ලික් කිරීමට යෑමේදි කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Diwaina – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්