පොහොර සහනාධාරය ලබා දීමේ යම් ගැටලුවක් පවතිනවා

පොහොර සහනාධාරය ලබා දීමේ යම් ගැටලුවක් පවතිනවා

මෙවර කුඹුරු හෙක්ටයාර අට ලක්ෂ පනස් දහහසක් වගා කර ඇතිබවට බව පවසන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුනාරත්න මහතා එම ගොවීන් හට පොහොර සහනාධාරය ලබා දීමේ යම් ගැටලුවක් පවතින බව පැවසීය.

එම ගැටලුව කුමක්ද කියා වනවිට හඳුනාගෙන ඇති බව පවසන ඒ මහතා ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පවසයි.

මේ අතර රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව නියෝජ්ය අමාත්‍යවරයා එහිදී පැවසීය. වී වගාව සඳහා අවශ්‍ය මඩ පොහොර,යූරියා සහ එම්.ඕ.පී. පොහොර වර්ග අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රට තුළ පවතියි.

පොහොර තවත් අඩු මිලට ගත හැකි ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.