දිස්ත්‍රික්ක කිහිපයක් සදහා නායයාම් රතු නිවේදන
දිස්ත්‍රික්ක කිහිපයක් සදහා නායයාම් රතු නිවේදන
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ, නුවරඑලිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, හාරිස්පත්තුව, මැදදුම්බර, උඩපළාත, පාතදුම්බර, උඩුදුමුබර, දෙල්තොට, දොලුව, යටිනුවර, උඩුනුවර සහ නුවර ගගවට කෝරලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගග කොරළය, ලග්ගල පල්ලේගම, පල්ලෙපොල, නාඋල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක මාවැනැල්ල සහ යටියන්තොට යන නායයාම් අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, බණ්ඩාරවෙළ, මීලහකිවුල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, තුන්පනේ, අකුරණ, පන්විල, හතරලියද්ද, පුජාපිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, වරකාපොළ, කෑගල්ල, රඹුක්කන, රුවන්වැල්ල සහ ගලිලමුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම සහ රීදීගම නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සඳහා නායයාම් ආපදා තත්ත්ව පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස නිවේදන නිකුත් කර ඇත.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක බදුල්ල, ගාල්ල, මාතර, කලුතර, මහනුවර, නුවරඑලිය, මාතලේ, කෑගල්ල, රත්නපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත. එසේම පසුගිය පැය විසි හතර තුල වර්ෂාපතනය සලකා බැලීමේ දී ගංවතුර ආපදා මෙන්ම නායයාම්. කන්ඩි කඩාවටීම්, ගස් පෙරලීම් වැනි ආපදා සිදු විය හැකි බැවින් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව තම වටපිටාව තුළ සිදුවන වෙනස්වීම් පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.
එසේම ගංවතුර සහිත ප්‍රදේශවල ජනතාව ගංවතුර සහිත මාර්ග හරහා ගමන්කිරීමේ දී ඉතාමත් සැළකිලිමත් වන ලෙසත් ගංවතුරෙහි සෙල්ලම් කිරීම ගංවතුර සහිත ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා යාමෙන් වළකින ලෙසක් ගංගාවන්හි දිය නෑමට හෝ පිහිනීමට යාමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
ආපදා අවස්ථාවේ දී සෙවීම් සහ මුදවාගැනීම් සහන කණ්ඩායම් සඳහා සහයෝගය දක්වන ලෙසත් යම් තොරතුරක් අවශ්‍ය වන්නේ නම් 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.