ත්රිකුණාමලය අවට ප්රදේශ වලට සුළි කුණාටුක්
ත්රිකුණාමලය අවට ප්රදේශ වලට සුළි කුණාටුක්
නිරිත දිග බෙංගාල බොක්ක ප්රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින පෙරවරු 02.30 ට පමණ වන විට ත්රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින (නොවැම්බර් 28) සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇත.
නැවත දැනුම් දෙනතුරු දිවයින වටාවනගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
මඩකලපුව සිට ත්රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ). මේ හේතුවෙන් මඩකලපුව සිට ත්රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.