හිටපු ජනාධිපති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැදවයි
හිටපු ජනාධිපතිවරයා ධුරය දරණ කාලයේදී රෝයල් පාක් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ල්ලස හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ දිනයේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
මරණීය දණ්ඩනය නියම කර සිටි ජූඩ් සමන්ත නමැති අදාළ පුද්ගලයාට 2019 වසරේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර තිබූ අතර එසේ සමාව ප්‍රධානය කිරීමට ගත් තීරණය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කරන ලදි. එමෙන්ම අදාළ පුද්ගලයාට පොදු සමාව දීමේ තීරණය ද අධිකරණය විසින් අවලංගු කර තිබේ.