කලා වැවේ වාන් දොරටු විවෘත කරයි

කලාවැව වාන් දොරටු දෙක අඩි බැගින් විවෘත කර තිබෙනවා.

ඉහල පෝශිත කලාපයට ඇද හැලෙන අධික වර්ශාවත් සමගම  කලාවැව  මේ වන විට අක්කර අඩි 85500 ක  ජල ධාරිතාවයක්  දක්වා පැමින තිබෙන අතර ඊයේ රත්‍රී 10 වන විට කලාවැව වාන් මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන් මේ වන විට කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 10ක් දක්වා විවෘත කිරීමටයි කලාවැව භාර වාරි ඉංජිනේරුවරයා කටයුතු කර තිබෙන්නෙ.

එමගින් තප්පරයට ඝන අඩි 10420ක ජල ධාරිතාවයක් කලාඔයට නිකුත් වන බව ප්‍රකාශකර තිබෙනවා.