අයහපත් කාළගුණය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
අයහපත් කාළගුණය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව සහ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගී ප්රවාහන දුම්රියක් නතර කර ඇත.
කසළ කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කළ බව දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පැවසිය.