විජයගේ මහජන පක්ෂය පුංචි ඡන්දයේදී ඇස ලකුණින් තරග බිමට

විජයගේ මහජන පක්ෂය පුංචි ඡන්දයේදී ඇස ලකුණින් තනිව තරඟ වදියි.

පළාත් පාලන මැතිවරණය සඳහා නව ⁣නාම යෝජනා කැඳවීමේදී ශ්‍රී ලංකා මහජන පක්ෂය තනිව සිය මැතිවරණ ලකුණ වන “ඇස”ලකුණින් වෙනම දිවයින පුරාම තරඟ කරන බව තීරණය කළ බව. පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විසින් eපුවත් වෙත දන්වන ලදී.

පළාත් සභා මැතිවරණයට ජනවාරි මස අවසානයේ නාම යෝජනා කැඳවන බව මේ වනවිට රජය මගින් දැනුම් දී ඇත. සිය පක්ෂයේ අපේක්ෂකයින් ලෙස සමාජය පිළිගත් අවංක හා කාර්යයශූර පිරිසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වන ලදී.