ප්‍රදේශ කිපයකට ගංවතුර ඇති වීමේ අවදානම් තත්වයක්

ප්‍රදේශ කිපයකට ගංවතුර ඇති වීමේ අවදානම් තත්වයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින්මො නරාගල දිස්ත්‍රික්කයේ  සියඹලාන්ඩුව, අම්පාර, ලාහුගල ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාශවලට අයත් හැඩ ඔයා ආශ්‍රිත පහත් බිම් ප්‍රදෙශවල සිටින ජනතවට සහ මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කොරාලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පක්කමම් හා වැලිකන්ද ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාවට ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර ඇති වීමේ අවදානම් තත්වයක් ඇති බව පවසයි.

බැවින් මෙම ප්‍රදෙශ අවට සිටින ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවියහැකි ගංවතුර තත්වයෙන් ආරක්ශාවිමට කටයුතුකරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.