උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර ආපදා හේතුවෙන් ඇති වී ඇති ගමනා ගමන අවහිරතා නිසා විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේ දී යම් ප්‍රමාදයන් සිදුවුව ද ඒ පිළිබඳව සහනයක් ලබා දීමට විභාග මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බවද ඒ මහතා පවසයි.