විදුලි ගාස්තු සංශෝධනය නැත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව නිසා

විදුලි ගාස්තු සංශෝධනය නැත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව නිසා

ඔක්තෝම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනය මේ වන විටත් නැත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව
නිසා යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ සඳහන් කළේය. විදුලි ගාස්තු සංශෝධනයට
අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට බලධාරීන් තව තවත් කල් ඉල්ලන්නට පටන් ගත්තේ අයිඑම්එෆ් නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමෙන්
පසුව නිසා මෙම සැකය උපදින්නේ යැයි හෙතෙම සඳහන් කළේය.

මෙම වසර දෙකේදී විදුලි බල මණ්ඩලය බිලියන 200ක ලාභයක් ලබා ඇති බවත් එවන් පසුබිමක දිගින් දිගටම විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාද කිරීම විදුලි පාවිච්චි කරන්නන්ට කරන අසාධාරණයක් බවත් හෙතෙම කීවේය. ඔහු මෙසේද පැවසීය. පසුගිය රජය ගත්ත ප්‍රතිපත්ති තීන්දුවකට අනුව වසරකට හතරවතාවක් විදුලි බිල සංශෝධනය විය යුතුයි. නමුත් කංචන විජේසේකර මහතා ඇමැති ධුරය දරද්දී විදුලි සංශෝධන වසරකට දුන්නේ දෙවතාවයි. එතෙන්දිත් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් කැඩුවා. මාලිමා ආණ්ඩුව තමන්ට ලැබුණු පළවෙනි අවස්ථාවේදීම විදුලි ගාස්තු සංශෝධනය නොකර විදුලි පාවිච්චි කරන්නන්ට අසාධාරණයක් කරනවා. ඒක වැරදියි. මේ ආණ්ඩුව දැනට සති හයක් කල් අරගෙන තිබෙනවා විදුලි ගාස්තු සම්බන්ධයෙන් යෝජනා මහජන උපයෝගිතා කොමිසමට යවන්න. අපි කියනවා අයි.එම්.එෆ්. උවමනා මත නොව මහජන උපදේශනය කර වහාම විදුලි ගාස්තු සංශෝධනය කරන්න කියලා.

 

Diwaina – අනුරාධ හිරිපිටියගේ