රාහුල් ගාන්ධිටත් වඩා වැඩි ගණනකින් ප්‍රියංකා කේරළයේ අසුනක් දිනය

රාහුල් ගාන්ධිටත් වඩා වැඩි ගණනකින් ප්‍රියංකා කේරළයේ අසුනක් දිනය

ඉන්දීය කොංග්‍රසයේ මහ ලේකම් ප්‍රියංකා ගාන්ධි කේරළයේ වයනාඩ් මැතිවරණ ආසනය ඡන්ද ලක්ෂ 4කට වඩා වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කර තිබේ. ගිය වර සිය සොහොයුරු රාහුල් ගාන්ධි ලබා ගත්තාටත් වඩා ඡන්ද ලබා මෙම ආසනය ජයග්‍රහණය කිරීම සුවිශේෂ වෙයි. මේ අනුව ගාන්ධි පවුලේ සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි යන තිදෙනෙක්ම පාර්ලිමේන්තුවට තේරී පත්ව
සිටිති.

වයනාද් මැතිවරණ කොට්ඨාසයේ අතුරු මැතිවරණයේ ඡන්ද ගණන් කර ඇති බැවින් එහි ප්‍රතිඵල සෙනසුරාදා ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී කොංග්‍රස් අපේක්ෂක ප්‍රියංකා ගාන්ධි ඡන්ද 6,22,338ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක සත්‍යාන් මොගෙරි ඡන්ද 2,11,407ක් ලබාගෙන ඇති අතර භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා ඡන්ද 1,09,939ක් ලබාගෙන ඇත. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි කේරළයේ වයනාද් සහ උත්තර් ප්‍රදේශ්හි රායිබරේලි යන ආසන දෙකෙන්ම තරග කර ජයග්‍රහණය කළේය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී රාහුල් ගාන්ධි එම කොට්ඨාසයම ජයගෙන තිබුණේ ඡන්ද 3,64,422කිනි. ප්‍රියංකා ගාන්ධි දැන් ඔහුට වඩා වැඩි ඡන්ද 4,10,931කින් ජයග්‍රහණය කර ඇත