ජාතික ජන බලවේගයට අර්චුනා මන්ත්‍රීවරයාගේ සහයෝගය කොහෙත්ම අවශ්‍ය නෑ

ජාතික ජන බලවේගයට අර්චුනා මන්ත්‍රීවරයාගේ සහයෝගය කොහෙත්ම අවශ්‍ය නෑ

ජනතා පරමාධිපත්‍යයෙන් උත්තරීතර පාර්ලිමේන්තුවනියෝජනය කරන මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තුවේ ගරුත්වයකෙලෙසීම ඉතාම නරක දෙයක්. රාමනාදන් අර්චුනාමන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තු කාරකසභාව තුළ සාකච්ඡා කර ඔහුට එරෙහිව නිසි පියවර
ගන්නවා යැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිං මහතා  පැවැසීය.

තුනෙන් දෙකක බලයක් තියෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අර්චුනා මන්ත්‍රීවරයාගේ විශේෂ සහයෝග කොහෙත්ම අවශ්‍ය නෑ. යාපනයෙන් අපට මන්ත්‍රීවරුන් තිදෙනෙක් සිටිනවා. ඔහු ස්වාධීනව පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්‍ෂා කරමින් ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු කිරීම සෑම මන්ත්‍රීවරයකුගේම වගකීමක්. පාර්ලිමේන්තුවට පත්වෙන මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා අතර මෙවැනි මන්ත්‍රීවරුන් එක්කෙනෙක් දෙන්නෙක් සිටිය හැකියි. ජනතා පරමාධිපත්‍ය බලයෙන් පත්ව එන මෙම ජනතා නියෝජිතයන් තම මන්ත්‍රී ධුරයේ ගෞරවය ආරක්ෂාකරගැනීම ඔහුගේ වගකීමක්. මෙවැනි අය මන්ත්‍රීවරුන් ලෙස පත් කර එවන ජනතාවටත් වගකීමක් තියෙනවා ජනතා නියෝජිතයන් ලෙස තීරණය කිරීමට පෙර. දැනට මේ පිළිබඳව විමසිලිමත්ව කටයුතු නොකළත් ඉදිරියේදී ඔහුගේ මේ විකාර හැසිරීම හා ක්‍රියාකලාපය පිළිබඳව සාකච්ඡා කර කටයුතු කරනවා. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට සිට දින තුනක වැඩමුළුවක් ද පැවැත්වීමට නියමත බව මහින්ද ජයසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

diwaina- ධම්මික සල්වතුර