රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරින් ඉවත් කරයි
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරින් ඉවත් කරයි
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසිංහ වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය 21 දා දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවක් ආරම්භ කළ අතර අනතුරුව අඛණ්ඩ සත්‍යග්‍රහයක් එම ස්ථානයේ ආරම්භ කරනු ලැබුවා.
ඊට සමගාමීව රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක ශිෂ්‍යයින්, අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින් පසුගිය 19 සිට අඛණ්ඩ වැඩවර්ජනයක්ද ආරම්භ කළ අතර මෙම හේතු පදනම් කරගෙන ආන්දෝලනයට තුඩුදුන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාතංශය විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක පත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්,