මාලිමාවට තිබුණු තැන පොහොට්ටුව ඉල්ලයි
මාලිමාවට තිබුණු තැන පොහොට්ටුව ඉල්ලයි
කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටුවලට මෙවර විපක්ෂයේ නියෝජිතයන් පත් කිරීමේදී පසුගිය පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජනය කළ ජාතික ජන බලවේගයට දුන්නා හා සමාන අවස්ථාවන් තමන්ට ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු සියලු කමිටු සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එම අවස්ථාවන් ලබා දෙන ලෙස එම පක්ෂය මෙසේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනෙක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරති.
Diwaina – අනුරාධ හිරිපිටියගෙ