ගෑස් සිලින්ඩරයෙන් පුටුවට මාරුවු පොදුජන එක්සත් පෙරමුණ

ගෑස් සිලින්ඩරයෙන් පුටුවට මාරුවු පොදුජන එක්සත් පෙරමුණ

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවධානය යොමු වී ඇත

ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ සිලින්ඩරය ලකුණින් තරග කළ ද මෙවර ඉන් ඉවත් වී පොදු ජන එක්සත්
පෙරමුණෙන් තරග කළ යුතු බවට නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන් කියා තිබේ. ඒ පිළිබඳව පසුගියදා පැවැති පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවත් එහිදී කුමණ පක්‍ෂයකටවත් හේත්තු නොවී තනිව තරග කිරීම සුදුසු බවට යෝජනා වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභික හා කාන්තා පෙරමුණේ නියෝජ්‍ය සභාපතිනි චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය පැවැසුවාය.

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ දී මන්ත්‍රී ධුර දෙකක් ලබා ගැනීමට හැකි වූයේ ද පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කිරීම නිසා බවත් එය පදනම්
කරගෙන පළාත් පාලන මැතිවරණයේදී ද පුටුව ලකුණින්  තරග කිරීම සුදුසු බවට මධ්‍යම කාරක සභාවේදී තමා යෝජනා කළ බව ද චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දැනට දී ඇති නාමයෝජනා අහෝසි කොට යළිත් මුල සිට එම මැතිවරණයට අදාළ කටයුතු සිදු වුවහොත් පුටුව ලකුණුන් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස් මෙසේ තීරණය කර ඇත.

 

Diwaina – අරුණ බෝගහවත්ත