එලොන් මස්ක්ගේ අලුත්ම ලෝක වාර්තාව

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එලොන් මස්ක්ගේ අලුත්ම ලෝක වාර්තාව

පසුගිය 05 වනදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු ටෙස්ලා සමාගමේ කොටස් ඉහළ ගොස් ඇති අතර පසුගිය සිකුරාදා පමණක් එය සියයට 3 දශම 8 කින් ඉහළයාමත් සමග ලොව ධනවත්ම පුද්ගලයා ලෙස එලොන් මස්ක් 2021 වසරේ දී තැබූ වාර්තාව ඔහු විසින්ම බිඳ දමා තිබෙනවා ඒ ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 347.8 ක් වීමත් සමගයි.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ටෙස්ලා නිර්මාතෘ එලෝන් මස්ක්ව ශුද්ධ වත්කම මැතිවරණ දිනයේ සිට දළ වශයෙන් ඩොලර් බිලියන 83 කින් පමණ ඉහළ ගොස් තිබූ අතර. මීට වසර 03කට පෙර ඩොලර් බිලියන 340 ව තිබු ඔහුගේ වත්කම ඩොලර් බිලියන 347.8 ක් වීමත් සමග ඔහු තැබූ වාර්තාව ඔහු විසින් විසින්ම බිඳ දමා ඇති බව සදහන්.