වේයන්ගොඩ තිබු නිධානය ගොඩගනී
වේයන්ගොඩ තිබු නිධානය ගොඩගනී
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක ඇති නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් ආරම්භවී තිබෙනවා.
එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව සඳහන්ය.
මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය විය. ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් සිදු කරන ලෙසය.
අඩි 20 ක ගැඹුරකට මේ වන විට කැණීම් සිදුකර ඇති අති අතර විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව ඇත. ඒ අනුව එම ගල් තලාව පුපුරුවා හැරීම සදහා කටයුතු කරමින් සිටියි.