රට තුළ හාල් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ

රට තුළ හාල් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ

රට තුළ සහල් හිඟයක් පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කරන බවද ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි

නාඩු සහල් වෙළඳපොළට නොපැමිණීම හේතුවෙන් මෙම පියවර ගත යුතුව ඇති බවද හෙතෙම කියා සිටී.වෙළඳපළට නොපැමිණි සහල් තොග මහා පරිමාණ මෝල් හිමියන් සතුව  ඇති බව පවසන ඒ මහතා රජය කටයුතු කරන්නේ ගොවීන්ට සහ පාරිභෝගික අගතියක් නොවන පරිදි බවද කියා සිටී.