හිටපු ජනාධිපති රහස් පොලිසියට

හිටපු ජනාධිපති රහස් පොලිසියට

පසුගිය රජය යටතේ ඖෂධ ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් රජයේ හිටපු කැබිනට් අමාත්වරුන් වන රොෂාන් රණසිංහ, හරින් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ යන මහත්වරුන් රහස් පොලිසියට කැඳවා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පැවති රජයේ කැබිනට් මණ්ඩලයෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසියට අධිකරණය විසින් අවසර ලබා දී ඇත.