විපක්ෂනායක අසුන සජිත්ට හිමි නොවෙයි

විපක්ෂනායක අසුන සජිත්ට හිමි නොවෙයි

සජිත් ප්රේමදාසට අද දිනයේ විපක්ෂ නායක ලෙස පත් වූ නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරට හිම සාමිප්රදායික අසුන ලැ⁣බුණේ නැත. විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්රික් ස්වාධීන කණ්ඩායම 17 මන්ත්රීවරයා වූ ඒ. රාමනාදන් හා කාර්ය මණ්ඩය අතර ඇති වු සංවාදය මෙසේය

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු ආරම්භක දිනයේ කැමති තැනක අසුන් ගන්නා ලෙස නිවේදනය කර තිබියදී අසුනින් ඉවත් වෙන්නැයි කීම අසාධාරණ බවයි. පාර්ලිමේන්තු නිලධාරියා පෙන්වා දෙන්නේ එම අසුන විපක්ෂ නායකවරයාගේ අසුන නිසා වෙනත් අසුනකට යන ලෙසයි නමුත් මන්ත්‍රීවරයා දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කිරීම මත නිලධාරියා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

අද දිනයේ විපක්ෂ නායකවරයාද විපක්ෂ නායක අසුන නොව වෙනත් අසුනක අසුන් ගෙන සිටියේය.