DIG නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුකරන සියලුම විමර්ශන ඉදිරි මාස තුන ඇතුළත අවසන් කරන්න

DIG

නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුකරන සියලුම විමර්ශන ඉදිරි මාස තුන ඇතුළත අවසන් කරන්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි චෝදනා කරමින් යහපාලන රාජ්‍ය සමයේ අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න
කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකරන සියලුම විමර්ශන ඉදිරි මාස තුන ඇතුළත අවසන් කරන ලෙස ශෙ ්‍ර ්ෂ ්ඨාධිකරණය ඊයෙ ් (19දා) ජාත ික පොල ිස ් කොමිෂන් සභාවට නියෝග කළේය.

සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කොට පසුව අනිවාර්ය නිවාඩු යැව් බවත් පසුකාලීනව නැවත සේවයේ පිහිටුවූවත් එකී විමර්ශන අවසන් නොකිරීම නිසා ඔහුට හිමිවිය යුතු උසස්වීම් ලබාගැනීමට නොහැකි වී ඇති බවත් පවසා පෙත්සම්කාර නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥවරයා කළ කරුණු දැක්වීම් සලකා බැලූ එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. එම පෙත්සම ලබන පෙබරවාරි 28 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියම කළේය.

 

Diwaina – ඒ.ජේ.ඒ. අබේනායක