හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන්න

හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන්න

හිටපු අගමැතිනි ෂෙයික් හසීනා නැවත බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමට ඩකාහි අන්තර්වාර ආණ්ඩුව සූදානම් වේ. හිටපු අගමැතිනියට සමූහ මිනිස් ඝාතන චෝදනා රැසක් එල්ල වී තිබේ. ඇයට එරෙහිව ඇති චෝදනා සියල්ල විභාග කර ලබන දෙසැම්බර් 17 වැනිදාට වාර්තාවක් ලබාදෙන ලෙස මොහොමඩ් යුනිස්ගේ අන්තර්වාර ආණ්ඩුව නියෝග කර ඇත.

හසීනා රජයේ හිටපු ඇමතිවරුන් 11 දෙනෙකුට එරෙහිව ද දැනටමත් සමූහ ඝාතන චෝදනා යටතේ නඩු පවරා ඇත. පසුගිය අගෝස්තු 05 වැනිදා හසීනා ඉන්දියාවට පලාගිය අතර ඇය දිල්ලියේ ආරක්ෂිත නිවහනක වෙසෙන බව කියයි.

 

Diwaina – චතුර පමුණුව