යාපනය වඩමාරච්චි හමුදා කඳවුර ඉවත් කරයි

යාපනය වඩමාරච්චි හමුදා කඳවුර ඉවත් කරයි

යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට යුද හමුදා තීරණය කර ඇත. එම ඉඩමේ මුල් අයිතිකරුවන් විසින් එහි භුක්තිය තමනට ලබාදෙන ලෙස රජයෙන් කළ ඉල්ලීම් වලට අනුව කඳවුර ඉවත් කිරීමට තීරණය කර තිබේ.

යුධ සමයේදී ප‍්‍රදේශයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමට මෙම හමුදා කඳවුර ඉදිකර තිබින. ඉඩමේ මේ වන විට ස්ථිර ගොඩනැගිලි රැසක් ඇති අතර ගොඩනැගිලි  එලෙසම තිබියදී හමුදා භට පිරිස් වාහන පමණක් ඉවත් කර ගැනීමට හමුදාව තීරණය කර ඇත.