වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම විශ්වවිද්‍යාලට නිවාඩු
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම විශ්වවිද්‍යාලට නිවාඩු
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බව කොමිෂන් සභාව පැවසුවේ ය.
පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීමේ දිනයේ දි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාර්යමණ්ඩලට ජන්දය ප්‍රකාශ කල හැකි අයුරින් නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොම්සම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
උසස් පෙල සිසුන්ට ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි උසස්පෙල උපකාරක පන්ති යොදා ගන්නා ලෙසද මැතිවරණ කොමිසන් සභාව අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත.