නුවර අලුත් චන්ඩියා ලාල්කාන්ත
බොරු ප්‍රකාශ තුළින් මාලිමාව, ආණ්ඩුව ජයගනෙ තිබෙන්නේ………
බොරුවෙන් රවටා මාලිමා ආණ්ඩුව ජයගෙන, එම බොරුවෙන්ම ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේ උත්සහයක් පවතින බව නීතිඥ සේනක බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.11.07) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි නීතිඥ සේනක බණ්ඩාර මහතා,
“පහුගිය දවස්වල අපි දැක්කා උගන්ඩාවට මුදල් ගෙනගියා කියලා දිගින් දිගටම වේදිකාවල ප්‍රකාශයන් නිකුත් කරනවා. හැබැයි ජාතික ජනබලවේගයේ ලේකම්වරයා ප්‍රකාශයක් කරනවා ඒ විදිහේ ප්‍රකාශයක් කළේ නැති බවට. නමුත් උගන්ඩාවට මුදල් ගෙනගියා කියලා මාලිමා නියෝජිතයින් කියපු විඩියෝ සාක්ෂි පවා මේ වන විට තිබෙනවා . විඩියෝ සාක්ෂි පවතිද්දි තමයි එවෙනි ප්‍රකාශයක් නොකළා කියලා කියන්නේ. අපේ රටේ නීතිය තුළ සාපරාධි අපහසය කියන එක ඉවත් කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපිට සිවිල් නඩුකරයක් තමයි පවරන්න පුළුවන් වෙන්නේ. කෙසේ වෙතත් මේ විදිහට බොරු කියලා තමයි මේ පුද්ගලයින් ආණ්ඩුව අරගෙන තිබෙන්නේ. ඒ නිසා බොරුවෙන් රවටලා මේ ආණ්ඩුව අරගෙන ඔවුන් මේ බොරුවෙන්ම මේ ආණ්ඩුව ගෙනයන්න උත්සහයක් දරන බව ඉතාමත් පැහැදිලියි. මෙවෙනි ප්‍රකාශයන් කරලා මිනිසුන් නොමග යවලා බලය ලබාගැනීම අපි දැඩිසේ හෙලා දකිනවා.
අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කළා පළාත් සභා ඡන්දය තමයි ඊලඟට තිබෙන්නේ කියලා. පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වුණේ 1988, 89 කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හදුන්වාදෙන විට මේ පළාත් සභා කියන එක මේ රටට සුදුසු දෙයක් නොවේ කියලා. ඒ සම්බන්ධයෙන් ජිවිත විශාල ගණනක්, දේපල විශාල ගණනාවක් හානියට පත්කරමින් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව කිව්ව කාරණයක් තමයි පළාත් සභා එපා කියලා. එහෙම කියලා උද්ඝෝෂණය කළ පක්ෂයක් අද වන විට කටයුතු කරමින් ඉන්නේ පළාත් සභා නැවත බලගන්වන තත්වයක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ඒකීය රටක් තුළ සියලු ජනතාවගේ වරප්‍රසාද ආරක්ෂා කරන පක්ෂයක් විදිහට පෙනි සිටිමින් අපි මේ පළාත් සභා සම්බන්ධයෙන් මේ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වෙනස්විම සම්බන්ධයෙන් දැඩි විමිතියකට පත්වෙලා තිබෙනවා. ”
එහිදි නීතිඥ බුද්ධික සමරසිංහ මහතා,
“දැන් මහනුවරට අලුත් චණ්ඩියෙක් ඇවිත් තිබෙනවා. ඒ තමයි ලාල්කාන්ත. පහුගිය දවසක ලාල්කාන්ත ප්‍රකාශයක් කරලා තිබෙනවා පොලිසියෙන් ගලවන්නේ ඒ පිරිසගේ පෝස්ටර් විතරයි කියලා. ඒ පිළිබඳව තර්ජනාත්මක බලපෑමක් පොලිසියට එල්ල කරලා තිබෙනවා. ලාල්කාන්ත තවමත් අපේක්ෂකයෙකු පමණයි. අපේක්ෂකයෙකු ලෙස ඉදිද්දි, බලය ලැබෙන්න කලිනුත් මෙලෙස රජයේ ආයතනවලට, පොලිසියට තර්ජනය කරනවා නම් අපිට හිතාගන්න පුළුවන් එ් පිරිස බලය ලබාගත්තට පස්සේ මොනවගේ බලපෑමක් මාධ්‍ය ආයතනවලට, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට කරයිද කියලා. මැතිවරණ නීතිය අනුව කිසිම කෙනෙකුට පෝස්ටර් ගහන්න බැහැ. හැමෝම අලවන ලද පෝස්ටර් පාට පක්ෂ භේදයකින් තොරව මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුව පොලිසිය විසින් ඒ පෝස්ටර් ගලවනවා. මෙවෙනි තත්වයක් තුළ ලාල්කාන්ත මහතා නුවර අලුත් චන්ඩින් වෙන්න උත්සහ කරනවා. ඒ නිසා අපි එය තරයේ හෙලා දකිනවා. මහනුවර ප්‍රදේශය කියන්නේ බොහෝම සාමකාමී දේශපාලනයක් පැවතිච්ච, සාමකාමී මිනිසුන් ජිවත්වන , දේශපාලන පක්ෂ අතර සුහඳව පැවතිච්ච ස්ථානයක්. අපි අපේක්ෂා කරන්නෙ නැහැ ඉදිරියේදී චන්ඩි මහනුවර දේශපාලනයට ඇවිල්ලා , රාජ්‍ය ආයතනවලට බලපෑම් කරලා , නිලධාරීන් භියවද්දමින් එවෙනි කටයුතු කිරීම.
ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩුකිරීමට තීරණයක් අරගෙන තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන්ට , එවෙනි ප්‍රභූවරුන්ට යම් ආරක්ෂාවක් තිබෙන්න ඕන. ලංකාවේ අතිතයේ සිටම තිබුණා. ලෝකයේ වෙනත් රටවල්වලද තිබුණා. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කරලා නොවේ ඒ ආරක්ෂාවන් එතුමාට දිලා තිබෙන්නේ. ඒ පිළිබඳව යම් විද්‍යානූකූලව සොයාබැලීමක් සිදුකරලා ආරක්ෂක අංශ විසින් තමයි එතුමාට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්නේ. මාධ්‍ය සංදර්ශන පවත්වමින් මේ ආරක්ෂකයන් අඩු කිරීම මේ දේශපාලන වාසි ලබාගැනීමට තමයි පවතින ආණ්ඩුව උත්සහ කරන්නේ. එය නොකළයුතු දෙයක්. හිටපු ජනාධිපතිවරුන් අතරින් තිස් අවුරුදු යුද්ධයක් අවසන් කරපු වැඩිම තර්ජනයට ලක්වෙලා තිබෙන ජනාධිපතිවරයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාගේ ආරක්ෂාව මෙලෙස පදනමකින් තොරව, දේශපාලන සංදර්ශන හරහා ජනතාවට කෙටිකාලීන සතුටක් ලබාදීම සඳහා මහා මැතිවරණයක් ආසන්නයේ තිබිද්දී මෙවැනි දේවල් කිරීම තුළින් එතුමාගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට කියන්න තිබෙන්නේ. මෙය ඉතා පිළිකුල් සහගතව හෙළා දැකිය යුතු තත්වයක්.
මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ඔවුන් ප්‍රකාශ කළා වසර 76 තිස්සේ මේ රටේ කිසිම දෙයක් සිදුකරලා නැහැ කියලා. ඒ නිසා අපි තමයි මේ සෑමදේම කරන්නේ කියලා කියනවා. එය කොයිතරම් බොරුවක්ද? සාක්ෂාරතාවය අඩු මට්ටමක එකල තිබුණේ, ලංකාව සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ නැහැ. අවුරුදු 76 කට කලින් ලංකාවේ තිබුණේ එවෙනි තත්වයක්. නමුත් එතන සිට හිටපු සෑම ආණ්ඩුවක්ම, පාලකයෙක්ම මෙය යම් මට්ටමකට දියුණු කළා. විදුලිය, ජලය ලබාදුන්නා. පාරවල් කාපට් කළා. අපේ ආණ්ඩුව විතරක් නොවේ සියලුම ආණ්ඩු ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා තමයි මේ තත්වයට ගෙනාවේ. නමුත් කවුරුහරි කෙනෙක් කියනවා නම් ඔවුන් විතරයි සෑම දේම කරන්නේ කියලා එය ඉතා බොරුවක්. මෙවෙනි බොරු කියලා සමාජගත කරලා පාලනයට ආපු ගොඩක් අය වැඩිකල් පාලනයේ රැදිලා ඉඳලා නැහැ. බොරුව හෙළිදරව් වෙන්න පටන්ගත්තාම ජනතාවගේ අප්රසාදයත් ඒත් එක්කම ඇතිවෙනවා. ”
එහිදි නීතිඥ ආචාර්ය ප්‍රියංගා ජයසේකර මහත්මිය,
“කොළඹ දිස්ත්‍රික්කයේ ජිවත්වන කොළඹ දේශපාලනය කරන පසුබිමක ඉන්න මම මේ දකින කොළඹ දියුණුව, සංවර්ධනය ඇති කළේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ මාලිමාව ජන විඥානයට එකතුකරන්න හදන මේ බොරුව අපිට ඇත්තක් කරලා පෙන්වන්න මේ අවස්ථාව මම යොදා ගන්නවා. කොළඹ මහල් නිවාස වැඩි ප්‍රමාණයක් ගොඩනගා ඇත්තේ මහින්ද ජනාධිපතිතුමා. මේ වන කොට වෙන කිසිම දේශපාලන පක්ෂයකට නොහැකිවෙලා තිබෙනවා කිසිදු මහල් නිවාසයක් ගොඩනගන්නට. නමුත් අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ ඒ හදන්න මුල්ගල තියපු, ඒ හදපු ගොඩනැගිලි මහල් නිවාස විවෘත කිරීම නම් පසුගිය රජයවල් වලින් සිදුකළා. ඒ කාලයේ මේ කොළඹට කිවවේ මුඩුක්කු , පැල්පත් කියලා. අද මේ කියන වචන කිහිපය අද වන විට ශබ්ද කෝෂවලින් ඉවත්ව ගිහිල්ලා මහල් නිවාසවලට නම් දිලා තිබෙනවා. ඒක මම හිතන්නේ මේ සංවර්ධනයේ දකින්න පුළුවන් ලොකුම ජයග්‍රහණය කියලා.
මම කොළඹ දිස්ත්‍රික්කයේ සෑහෙන්න ප්‍රමාණයක් ඇවිදපු කෙනෙක් විදිහට මම දකිනවා මේ ජිවත්වන පිරිස විශාල දරිද්‍රතාවයකින් ජිවත්වෙනවා. මේ පිරිසට එදාවෙලා හොයගන්න තිබෙන අපහසුකම කිසිම කෙනෙකුට පෙන්නේ නැද්ද? ඒ පිරිසගේ ප්‍රශ්න තාමත් එතනමයි. අපි ඒවට විසඳුම් දෙන්න අනිවාර්යයෙන්ම කටයුතු කළයුතුමයි.
කාන්තාවන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් හඩක් නගන්නට නම් කාන්තාවක් සිටිය යුතුයි. අපි දැක්කා පසුගිය කාලයේ කාන්තාවන් වෙනුවෙන් ඇතිවෙච්ච ප්‍රශ්න විසඳගන්න කාන්තාවන්ට යන්න තැනක් තිබුණේ නැහැ. මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සහ ආර්ථික ශක්තිය දියුණු කරන්න අපට හැකියාව තිබෙනවා. අපේ ආණ්ඩුවෙන් දීපු ජනසවිය , සමෘද්ධිය පහුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගේ කපා දමලා තිබෙනවා විශාල ප්‍රමාණයක්. අපි එය හෙලා දකිනවා. පාට පක්ෂ බලලා නොවේ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒවා ලබාදුන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ ලංකාවේ ජිවත්වන දරිද්‍රතාවයෙන් පෙලෙන පිරිසගේ පාට පක්ෂ ආගම් බලන්න නැතිව මේ පිරිසගේ ජිවිතය ගොඩනගා ගන්න ඔබලා මේ රටට ආර්ථිකය හදන තෙක් මේ පිරිසට ලබාදුන් අස්වැසුම, සමෘද්ධීය ලබාදෙන්න කියලා. ”යනුවෙන් මෙහිදි සඳහන් කළෝ ය.
මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට නීතිඥ සේනක බණ්ඩාර මහතා පිළිතුරු දෙමින් -:
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඉංග්‍රිසි කතා නොකිරීම සම්බන්ධයෙන් ඔහු මව් භාෂාව පමණක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වර්තමාන කිසිදු ප්‍රශ්න කිරීමක් කෙරෙන්නේ නැහැ. හැබැයි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමා තමන් ඉංග්‍රිසි භාෂාව කතා කරන ගමන් සිංහල භාෂාව භාවිතා කළා. උදාහරණයක් විදිහට චීන ජනතාව ඉංග්‍රිසි කතා කරන විට චීන භාෂාවේ වචන භාවිතා කරනවා. තමිල්නාඩුවේ දෙමළ ජනතාව ඉංග්‍රිසි කතා කරනවිට දෙමළ වචන භාවිතා කරනවා. මේක උපහාසයට ගත්තනේ. ඒ නිසානේ කපුටා කියලා වචනයක් පටබැන්දේ. හැබැයි උත්සහ දැරීම ප්‍රමාණවත්නේ ඉංග්‍රිසි කතා කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා භාෂාවක් භාවිතා කිරීමේ හැකියාව නොහැකියාව උපහාසයට ලක්කරලා ඒක තමයි භාවිතා කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට දැඩිසේ අපහසයක් ඇති කිරීම සඳහා. ඒ අපහසහ, උපහස මත තමයි මේ ආණ්ඩුව බලයට එන්නේ.
මහින්ද රාජපක්ෂ කියන්නේ ජනමූල නායකයෙක්. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාත් කියනවා ඔහු මහා සංස්කෘතියක් කියලා. ඒ මහා සංස්කෘතියක් වෙච්ච ජනාධිපතිතුමෙක්ට පහර දීම සඳහා ඔවුන් උපාය උපක්‍රමයක් විදිහට භාවිතා කරන්නේම චරිත ඝාතනයන් සිදුකරමින්. විවේචනය එල්ල කිරීම තුළ තමයි නාකි මයිනා කියන වචන භාවිතා කරන්නේ. අරගලය තුළ ඇති කළේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයන් විදිහට හිටපු ජනතාවන් කෙරෙහි භිතියක්. 2022 අරගලය පැමිණියාට පස්සේ අරගලයේ නාමයෙන් අපේ ජනතාව බේර වැවේ ගිල්ලුවා, ගෙවල්වලට ගිනි තිබ්බා. අපේ මිනිස්සු මරා දමලා මේ වගේ භිතියක් හදලා දේශපාලනයක් හදනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කළා නම් ඔය සිදුවීම් එකක්වත් වෙන්නේ නැහැ. නිතියේ අධිපත්‍ය ස්ථාපිත කිරීම වර්තමාන පාලනය තුළ අත්‍යවශ්‍යව සිදුවෙන්න ඕන කාරණයක්.මේ නිසා ඒ කාරණා සිද්ධ නොකරමින් භූමියේ දේශපාලනය කරන අපේ මිනිස්සුන්ට එරෙහිව භිතියක් ඇති කරලා එළියට බහින්න බැරි තත්වයක් ඇති කිරීමේ එක ප්‍රතිපලයක් තමයි පහුගිය ජනාධිපතිවරණයේ අපි 2.5 ට වැටෙන්න හේතුව. ඒ කාලයේ මව්බිම කියලා නැතිනම් මරණය කියලා චිට් එකකින් කරපු දේ අද සමාජ මාධ්‍යජාලා භාවිතා කරලා සහ 2022 අරගලය භාවිතා කරලා ඒ දේ අදත් සිදුවමෙින් පවතිනවා මේ භූමිය තුළ.
තිලක් තේනුවර,
මාධ්‍ය අංශ ප්‍රධානි,
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.