අනුර කුමාර මහත්තයා ජනපති වෙනුවට ණයපති වෙලා
2024 නොවැම්බර් 7 වන දින පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්
වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.11.07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නීතිඥ උදය ගම්ම්නපිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
ඊයේ දවසේ දී වත්මන් ආණ්ඩුව ලබාගෙන තිබෙන මුළු ණය මුදල රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගියා. ඊයේ නොවැම්බර් 6 වන දා ආණ්ඩුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 175ක් ණයට ගත්තා. අද දිනයේ තවත් රුපියල් බිලියන 17.5ක් ණයට ගැනීමට නියමිතයි. ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබා ගෙන තිබෙනවා. බිලියන ට්‍රිලියන කිව්වාම සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නෑ. සාමාන්‍ය ජනතාව දන්නේ කෝටි වලින්. නමුත් කෝටි වලින් කියා ගන්න බැරි තරම් මේ ඉලක්කම ලොකුයි. කෝටි සීයක් බිලියන එකයි. බිලියන 1,000ක් ට්‍රිලියන එකයි. දැන් කෝටි වලින් එන ගණන හිතා ගන්න පුළුවන්නෙ.
මේ ණය ලබා ගැනීමේ දී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් බිලියන 963ක් බැඳුම්කර නිකුත් කිරීමෙන් බිලියන 139ක් සහ ලෝක බැංකු ණයක් ලෙස ඩොලර් මිලියන 200ක් ණයට ලබා ගෙන තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එනවිට නිදහසින් පසුව ගෙවුණු වසර 76ටම ලබා ගත් ණය වලින් ගෙවීමට ඉතිරි වී තිබුණේ රුපියල් ට්‍රිලියන 30යි. නමුත් පසුගිය සති හයට ලබා ගෙන තිබෙනවා ට්‍රිලියන 1.16ක්. මේ ආණ්ඩුව වසර පහක් බලයේ හිටියොත් ශ්‍රී ලංකාව යළි ගොඩ ගැනීමට නොහැකි ණය කන්දකට යට කරන බව නම් සහතිකයි.
තිබෙන ණය පියවන්න පමණක් ණය ගන්න කතාව බොරුවක්
ජනාධිපති අනුර දිසානායක මැතිතුමා විපක්ෂයේ සිටිය දී කිව්වේ ණය අරගෙන රට පාලනය කරන්න නම් ජනාධිපති කෙනෙකු මොකටද? එතුමා දැන් ජනපති වෙනුවට ණයපති වෙලා. එතුමා විපක්ෂයේ ඉදන් කිව්වේ ණය අරගෙන රටක් කරන්න ජනපති කෙනෙක් මොකටද කියලයි. දැන් එතුමා ඉල්ලා අස්වෙන්න හිතනවද දන් නැ. ඒ වගේම ඉතිහාසයේ ලොකුම ණය මුදල අරගෙන අපි නම් ණය අරගත්තේ නෑ කියමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තවමත් ජනතාව රවටන්න උත්සාහ කරනවා. බොරුව අහු වුණාට පස්සේ විජිත හේරත් මැතිතුමා කියනවා අපි අළුතින් ණය ගත්තේ නෑ. තිබෙන ණය පියවන්න පමණයි ණය ගත්තේ කියලා.
තිබෙන ණය පියවන්න පමණක් ණය ගන්නවා කියන එක ආණ්ඩුවේ තවත් බොරුවක්. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ආණ්ඩුව රුපියල් බිලියන 629.75ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තිබෙනවා. නමුත් ඒ මාසයේ දී කල් පිරිලා තිබෙන්නේ රුපියල් බිලියන 532.65ක භාණ්ඩාගාර බිල්පත් විතරයි. කල් පිරෙන බිල්පතේ මුහුණත අගය තුල පොලියත් එකතු වී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 97ක් ඔක්තෝම්බර් මාසයේ දී පමණක් ආණ්ඩුවේ ප්‍රයෝජනයට ණයට ගත්තා කියන එකයි.
බොරු හසු වෙනවාට බයේ විජිත විවාදය මග හරියි
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත ඇමතිතුමා කට ඇරියොත් කියන්නේ බොරු. පාස්කු වාර්තා ගැන කියන්නේ බොරු. ණය ගැනීම් ගැන කියන්නේ බොරු. ඇත්ත කියලා කියන්න පුළුවන් දෙයක් කියලා නැති ගානයි. හැබැයි එතුමා කියන්නේ මම බොරු කියනවා කියලා. ඒ නිසා කවුුද ඇත්ත කියන්නේ කියලා ජනතාවට දැන ගැනීමට පුළුවන් වෙන්න මම එතුමාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කළා. නමුත් ඒ විවාදය මග හැරීමෙන් එතුමා තමන් කියන්නේ බොරු බව පිලිගැනීමක් කරලා තිබෙනවා. එතුමා කියනවා නරි බුරති. බල්ලෝ අනිති කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත විජිත ඇමතිතුමනි. ඇත්තෙන්ම ඒක තමයි දැන් වෙලා තිබෙන්නේ. පෙට්ටි කඩයක් වත් පාලනය කරලා පුරුද්දක් නැති අවුුරුදු 60ක් විවේචනය පමණක් කරපු අය රටක් පාලනය කරන කොට නරි බුරනවා වගේ තමයි පේන්නේ.
නිලන්ති කොට්ටච්චි වගේම අනුර කුමාරත් සජබ ද?
ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා උගන්ඩාවට අපේ ඩොලර් අරගෙන ගිය කතාව කිව්වේ සජබ මිස මාලිමාව නොවේ කියලා. එහෙම නම් කළුතර දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් තරග කරන අවබෝධයෙන් බොරු කියන නිලන්ති කොට්ටහච්චි සජබ ද? සජබ කෙනා මාලිමාවෙන් තරග කරන්නේ කොහොමද? සජබ අයට මාලිමාවෙන් නාමයෝජනා දුන්නේ අපේක්ෂකයෝ දහහතර දෙනෙක් සොයා ගන්න බැරි වුණු නිසා ද කියලා ටිල්වින් මැතිතුමාගෙන් අහන්න වෙනවා. ඒ වගේම වත්මන් ජනාධිපති අනුර දිසානායක මැතිතුමා 2021 දී ඩොලර් උගන්ඩාවට ගෙන යෑමක් ගැන කතා කරනවා. එතකොට අනුර දිසානායක මැතිතුමා මාලිමාවේ ජනාධිපති ද සජබ ජනාධිපති ද කියන එක ටිල්වින් සිල්වා මහතා රටට පැහැදිලි කළ යුතුයි.
ප්‍රශ්න සහ පිළිතුරු
ප්රශ්නය
දේශපාලකයන් මුදලට විකිනීම ගැන කතාවක් දැන් යනවා. අපි දැක්කා ඔබත් ජනතා විමුක්ති පෙරමුණත් ඇරුනහම බොහෝ දෙනෙක් මෙලෙස මුදල් අරගෙන තියෙනවා කියලා මාධ්‍ය හමුවක කියවුනා. ඔබට මොකක්ද මේ කාරණය කියලා කියන්න පුලුවන් ද?
පිළිතුර
කළු සල්ලි ජාවාරම් කරුවන්, බෙදුම් වාදීන් සහ අන්ත වාදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලදී ගැනීම වගේම තමන්ගේ මුදල්වලින් තමන්ගේ රූකඩ පාර්ලිමේන්තුවට පත්කර එවීමද සෝචනීය තත්වයක්. ඒ සල්ලි ලබාගත්ත මන්ත්‍රීරුන් හෙළිදරව් කිරීමේදී තමන්ට නම්ම ගන්න බැරිවෙච්ච එකම පුද්ගලයා විදිහට නමින්ම ඔවුන් සදහන් කරන්නේ මම. කළු සල්ලි ජාවාරම් කරුවන්ගේ, බෙදුම්වාදීන්ගේ අන්තර්ජාතික බලවේගවල මුදල්වලට මාව මිලට ගන්න බෑ කියන එක මගේ සතුරන් විසින්ම සහතික දීම ගැන මම සතුටු වෙනවා.
අපිටත් එංගලන්තයට ව්‍යාපාරික පන්තියේ ගමන් සදහා යෝජනා ආවා. එහෙම ගිහින් තරුපහේ හෝටලවල නතරවෙලා සුභාෂ්කරන් හමුවීමට යෝජනා ආවා. අපි ඒවා ප්‍රථික්ෂේප කලා. අපි හොදින් හදුනන අපේ මතේ ඉන්න අය අපේ මැතිවරණය ව්‍යාපරයට දෙන සුලු මුදල අපි බාරගන්නවා මිසක කලු සල්ලි ජවාරම් සල්ලි කෙතරම් විශාල මුදලක් ආවත් අප ඒවා පිළිගන්නේ නැ, බාරගන්නේ නෑ.
අපේ මැතිවරණ නියාමන පනත අනුව විදෙස් බලවේග වල මුදල් ලබාගැනීම තහනම්. මැතිවරණ කොමිසම සහ අල්ලස් දූෂණ කොමිසම මේ කියවෙන නම් පිළිබදව වහාම පරීක්ෂනයක් සිදු කල යුතුයි.
සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන කුමාර රාජරත්තන, දයා තෙන්න කෝන් යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක් විය.