අපි ජනතාවට කියන්නෙ බොරුවට රැවටෙන්න එපා, හරි තීන්දු ගන්න
අපි ජනතාවට කියන්නෙ බොරුවට රැවටෙන්න එපා, හරි තීන්දු ගන්න
ආණ්ඩුව පිහිටුවීමේ දී ප්‍රකාශ කළ පොරොන්දු ඉෂ්ට කරගැනීමට නොහැකි තත්වයකට පත්වී ඇති බවත් පෝලිම් ක්‍රමය වෙනස් කළ නොහැකි දුර්වල පරිපාලනයක් ඔවුන් පෙන්වාදී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.11.06) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා,
“අද අපි මහා මැතිවරණයක් පේනමානයක සිටගෙන කතා කරන්නේ. ජනාධිපතිවරණයක් අවසන් වුණා. මහා මැතිවරණයට අපි පෙනි සිටිනවා. ජනාධිපතිවරණයෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුව කිසිම පොරොන්දුවක් ඉෂ්ට නොකර ජනතාවගේ විරෝධයට පත්වෙලා තිබෙනවා. අද රාජ්‍ය සේවයට තරවටු කරනවා ජනතාවගේ කටයුතු හරියාකාරව කරලා දෙන්න කියලා. මේ ආණ්ඩුව පිහිටුවන කොට කිව්ව එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරන්නේ නැති තත්වයට පත්වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරනවා කිව්වා අවුරුද්දට දෙපාරක්. නමුත් එය සිදුකරන්නේ නැහැ. අද ඒ පිළිබඳව කතාවක්වත් නැහැ. ඊයේ පරිපාලන නිලධාරීන්ගේ රැස්වීමක් තිබුණා ජනාධිපතිතුමා සමඟ. ඒ පිරිසට කිව්වා ජනතාවගේ කටයුතු කරන්න තමයි පරිපාලන සේවය සිටින්නේ. වැරැද්දක් කළොත් දඩුවම් කරන්න වෙනවා කියලා . නමුත් ඔවුන්ගේ ඉහළ නිලතර දරන්න ආරක්ෂක ලේකම් යන නිලතරවලට ජනාධිපති කොමිසම් සභා වාර්තාවලින් සැකයට ලක්වෙච්ච දෙන්නෙක් සිටින්නේ. ඒ දෙන්න තමයි ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්නේ. ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා ජාත්‍යන්තරයෙන් වැඩියෙන්ම ආධාර දෙන්නේ අපිට කියලා. කොහෙවත් රටක් ණය දෙන්නේ නැහැ ණය ඉල්ලන්නේ නැතිව. ණය ගන්න ආණ්ඩුවක් මොකටද කියලා අහපු මාලිමාව අද ණය ගන්නවා. දැන් ඒ පිරිසට බයක් තිබෙනවා මැතිවරණය ඔවුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගන්න බැරිවෙයි කියලා. අද මේ රට තිබෙන තත්වයට තුනෙන් දෙක නොවේ සියයට පනහක්වත් ගන්න බැරි තත්වයක ඉන්නේ. ඒක තමයි ජනතාවට කියන්නේ බොරුවට රැවටෙන්න එපා. හරි තීන්දු ගන්න.
එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉතා විශාල ලෙස බාල්දු කළා උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියලා. දැන් ඒ කියපු කාන්තාවම කියනවා ඒක අපි හිතාමතා ගොතපු බොරුවක් කියලා. ඔය වගේ කොච්චර බොරු කියලා ඇත්ද? මෙහි හරියාකාර තත්වය දැනගන්න පුළුවන් වෙන්නේ තව මාස තුන හතරක් යනකොට, ජනතා විමුක්ති පෙරමුණේ හරි ඇත්ත. ඒ වගේම මාලිමාවේ පිරිස කිව්වේ ආපුදාට පහුවෙනිදාම පාස්පෝට් පෝලිම නැති කරනවා කියලා. අද පාස්පෝට් එකක් ගන්න ජනතාවට විදිහක් නැතිව ඉන්නවා. මැතිවරණයට පෙර කිව්ව ක්‍රමවේදය අද නැහැ. ඒ වගේම අද වන විට පොල් පෝලිමකුත් තිබෙනවා. අද අනාගත්ත ආණ්ඩුවක් බවට පත්වෙලා ඉන්නේ.
අපි අභියෝග කරනවා පුළුවන්නම් තුනෙන් දෙකක බලයක් අරගන්න බලන්න? හැබැයි ඔවුන්ට කවදාවත් තුනෙන් දෙකක බලයක් ගන්න බැහැ කියලා කියනවා. ”
එතුමා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් -:
අද වෘත්තිය සමිති විසුරුවා හැරලා තිබෙනවා. අපි වෘත්තිය සමිති විසුරුවා හරින්න දෙන්නෙත් නැහැ, අපි වෘත්තිය සමිති ශක්තිමත්ව ඉදිරියට අරගෙන යනවා. අපේ ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කවදාවත් වර්ජනය කරන්න. අපි සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්නවා. බැරිම වුණොත් වර්ජනයකට යන්නේ. අපි අපේ ආණ්ඩුව කාලෙවත් වර්ජනය කලෙත් නැහැ, විපක්ෂයේ සිටි කාලයේ ගියෙත් නැහැ. හැබැයි ලංකාවේ තිබෙන ප්‍රධානම වෘත්තිය සමිති තිබෙන්නේ අපිත් එක්ක. පහුගිය ආණ්ඩුව කාලයේ විශ්ව විද්‍යාල අනද්ධන සේවකයින් වර්ජනය කළා. අපි නොවේ එයට නායකත්වය දුන්නේ. ජනතා විමුක්ති පෙරමුණයි, පෙරටුගාමි කණ්ඩායමයි. අන්තිමේදි වර්ජනය අතරමැදි නවත්වලා මිනිස්සු ටික අතරමන් කළා. ඒ පිරිස නැවත එන කොට තමයි කියන්නේ අපි වෘත්තිය සමිති විසුරුවා හරිනවා කියලා. පුළුවන් වැඩිම දීමනාවක් අරගෙන දුන්නේ අපේ ආණ්ඩුව කාලේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති කාලයේ එයට මුදල් දීලා ඒ ඒ විෂමතාවය නැති කළා.