කැනඩාවේ හින්දු කෝවිලකට ප්‍රහාරයක් – ඉන්දියාව හා කැනඩාව අතර අර්බුදය උග්‍ර වෙයි
ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති අවස්ථතාවක මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ.
මෙය හිතාමතා සිදුකර ඇති ප්‍රහාරයක් බවත් මෙවැනි ක්‍රියා මඟින් තම රට කිසිවිටෙකත් දුර්වල කිරීමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උද්ගතවී ඇති ගැටලුව නිසා රටවල් දෙකෙහිම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීමට එම රටවල් පියවර ගෙන තිබුණි. කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පිහිටි හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය සමග තවදුරටත් දෙරට අතර විරසකය උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.