රටෙ පොල් නැත්තේ මහින්දයි රනිලුයි නිසා
“රටේ පොල් නැත්තේ මහින්දයි රනිලුයි නිසා” පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
මාසෙකින් පොල් හිටවල ගෙඩි කඩන රටක් මේ ලෝකේ තියනවද? ඒ නිසා මේ රටේ පොල් පෝලිම් ඇතිවෙන්න හේතුවට වගකියන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ඒ නිසා දුෂිත දේශපාලකයන් නැවත
මේ අලුත් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ඔබලා කටයුතු කරන්න එපා මාලිමාවේ බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මේ මහ මැතිවරණයේදී කටයුතු කරන්න. මුළු පාර්ලිමේන්තුවම විනාශ වෙන්න එක හොරෙක් පාර්ලිමේන්තුව ගියොත් ඇති. ඒ නිසා දක්ෂ පිරිසක් උගත් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරන්න.