හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වන දීපාවලී උත්සවය අද (31)

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණයි.

හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් මෙම උත්සවය සැමරීම සිදුකරනු ලබයි.

හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස කරනු ලබන දීපාවලී උත්සවය ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නා සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.