බලයට ඇවිල්ලා මාසයයි මාලිමාව ජනතාවට එපා වෙලා තියෙන්නේ

මාලිමාව බලයට ඇවිල්ලා මාසයක් වැනි කෙටි කාලයක් තුල රටේ ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා. හොදම උදාහරණය තමයි ඇල්පිටිය ප්‍රාදේශිය සභා ජන්දය.

අඩු කරනවා කිව්ව විදුලි බිල, ඉන්ධ මිල අඩු කළාද? හැබැයි මෙයාල කිව්වෙ විශාල අගයකින් අඩු කරනවා කියල.

අවු 50 ක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ පවතින සෑම ආණ්ඩුවක්ම විවේචනය කරපු එක. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු දස දහසකින් වැඩි කරනවා කිව්වම එයාලා කිව්වා ඒක රු විසිදහසකින් කරන්න කියලා හැබැයි අද බලයට ඇවිල්ලා රජයේ සේවකයින්ගේ වැටුප වැඩි නොකර ඉන්නවා.

ඊයේ (30) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසිය.