දෙබර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් උපුල්දෙනිය කුඩාකැලැගම ප්‍රදේශයේ කරද ඇට ඇහිලීමට ගිය එක පවුලේ සහෝදරියන් දෙදෙනකුට සිදුවු දෙඹර ප්‍රහාරයකින් එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් අසාධ්‍යව රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඩාකැලැගම ගලෙන්බිඳුණුවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 61 ක එම පවුලේ සහෝදරියන් දෙදෙනකු බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා.තුවාල ලැබූ අනෙක් කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 71 ක කාන්තාවක් බව වාර්තාවනවා

දෙඹර ප්‍රහාරයට ලක්වු මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේ වාසීන් එක්ව කඩිනමින් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී බරපතල තත්වයේ පසු එක් කාන්තාවක් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහලේ ගිලන්රථය මාර්ගයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ශික්ෂණ රෝහල් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව වාට්ටු අංක 12 ට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මියගිය බව වාර්තාවනවා.බරපතල තත්වයේ පසු වු අනෙක් කාන්තාව ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබා අවසන් කර මේ වන විට නිවසට පැමිණ තිබෙනවා.මියගිය කාන්තාවගේ මෘත ශරීරයේ පෂ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුකර ඇති අතර දේහය මේ වන විට ඥාතීන්ට භාරදී තිබෙනවා.සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.