ඇල්පිටියේ ඡන්ද ප්‍රථිපලය බැලුවම පේනවා ආණ්ඩුවේ තත්වේ
අපි පටන් ගත්තේ විපක්ෂයේ දේශපාලනය කරන්න, හැබැයි අපිට ඇල්පිටියේ ඡන්ද ප්‍රථිපලයත් එක්ක පේනවා, විපක්ෂය දේශපාලනය නෙමෙයි, අපිට ආණ්ඩුවක් ගන්න හැකියාවක් තියෙනවා කියලා. තවත් දවසින් දවස අපි ශක්තිමත් වුණොත්, ඒ අය කරන කියන දේවල් වලින් ඒ අයගෙ ඇත්ත එළිවෙන්න පටන් ගත්තොත් අපිට නොවැම්බර් මාසේ 14 වැනිදා ප්‍රබල විපක්ෂය නෙමෙයි ආණ්ඩුවක් හදන්න පුලුවන් කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවායැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායමේ නායක දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර කහටගස්දිගිලය ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහාතා,
ඔබතුමාලාට මතක ඇති අපේ ගම් වලට ඇවිත් ඒ අය කිව්වේ අවුරුදු 75 ක් ඔයගොල්ල කළා නේ, අපිටත් 05 ක් දීලා බලන්න, අපිට කවදාවත් බලය දුන්නේ නෑනේ, ඒ නිසා අපිටත් දීලා බලන්න කිව්වා, ඔය ගොල්ල මෙච්චර කල් කළානේ, අපිටත් පොඩ්ඩක් දෙන්න කිව්වා.ඒ වෙලාවේ සමහර අපේ අයටත් හිතෙන්න ඇති ඇත්ත නේද? ඒ අයටත් දීලා බැලුවොත් හොඳයි නේද කියලා.හැබැයි ඒ අය පක්ෂ මාරු කලේ නෑ මාලිමාවට කතිරය ගැහුවට, ඒ වගේම තමයි, අපි දන්න කාරණයක් මේක ලැජ්ජා වෙන්න ඕන නෑ , අරගලය තුළ රාජපක්ෂ මහත්වරුන්ට, හිටපු ආණ්ඩුවට විශාල දෝෂාරෝපණයක් ආවා, ඒ අරගලය ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැති වුණා, මගේ ගේ, පියාගේ ගේ ඔබතුමාලා දේශපාලනය කරපූ, කෑව, බීවව, ඔබතුමාලා ඉස්සරහ දොරෙන් ඇතුළු වෙලා පිටිපස්සේ දොරෙන් එළියට ගියපු ගෙදරටත් ගිණි තිබ්බා.මේ සියලු දේ මධ්‍යයේ, අරගලයේ ප්‍රථිපලය විදිහට පොහොට්ටුව නියෝජනය කරපු අයට 69 ලක්ෂයේ සාමාජිකයෙක් කියන්නත් ගමේ ප්‍රශ්නයක් ආවා, ලැජ්ජාවක් ආවා, ඒ නිසා සමහර වෙලාවට මළ ගෙදර ගියේ නැති වුණා වෙන්න පුලුවන්, මළ ගෙදර ගියත් කොන් වුණා වෙන්න පුළුවන්, 69 ලක්ෂයෙන් එකෙක් කියන එක පිළිබඳව හැංගෙන්න සිද්ධ වුණා.එහෙම නම් ඒ 69 හිටපු බොහෝ පිරිසක් ගත්ත තීන්දුව මේ වෙලාවේ අපි ඒ සියල්ලගෙන් ගැලවෙන්න, සියලු වැරදි වලින් බේරෙන්න නම් කරන්න තියෙන්නෙ එකම දෙයයි, ඒ තමයි ඒ විරෝධය දක්වන අයත් එක්ක අත්වැල් බැඳ ගන්නවා කියන එක, මේක නේද ගමේ සිද්ධ වුණේ? ඒ ගොඩේ වැඩිහරියක් ඉන්නේ අපෙන් රස්සාව ගත්ත, අපට කියලා දරුවා පාසලට දා ගත්ත, අපිට කියලා කොන්ත්‍රාත් අරන් කරපු, අපිට කියලා ස්ථාන මාරුව හදා ගත්ත, අපේ නියෝජිතයා විදිහට ඉඳලා අපිට කියලා ගමේ පාරට තාර ටික දා ගත්ත, අපේ අත්සනින්, අපේ මුදල් වලින් ගමේ වැව හදා ගත්ත, ගමට වතුර ටික ගත්ත, ලයිට් ටික ගත්ත, පෙර පාසල හදා ගත්ත, ප්‍රජා ශාලාව හදාගත්ත, අද සමහර විට වඳින බුදු ගේ හදලා තියෙන්නෙත් අපි, පහුගිය කාළයේ මාලිමාවේ කට්ටිය ඇවිත් රැස්වීම තියපු ප්‍රජා ශාලාව හැදුවෙත් අපි, ඒකට පුටු ටික දුන්නෙත් අපි, සමහර වෙලාවට ලවුඩ් ස්පීකරය දුන්නෙත් අපි, එච්චර දේවල් කර ගත්ත පිරිස් තමයි ඇපෙන් බේරෙන්න, වෙච්ච ලැජ්ජාවෙන් බේරෙන්න සමහර වෙලාවට වේදිකාවේ ඉඳගෙන 75 ක් තුළ මොනවාද වුණේ? 75 ක් තුළ හොරකම් කරා කියන කොට අනේ අපේ සාමාජිකයා ඉස්සරහා පුටුවක වාඩි වෙලා මීක් ගාන්නේ නැතිව, වචනයක් කියන්නේ නැතිව හිටියා, නෑ මේ පාර හැදුවේ මෙයා, අපේ ගමට ලයිට් ටික දුන්නෙ මෙයා, අපේ ගමේ වැව හැදුවේ මෙයා, අපිට රස්සාව දුන්නේ මෙයා, මගේ ස්ථාන මාරුව හදා ගත්තේ මෙයාගෙන්, අපේ දරුවා ඉස්කෝලෙට දාගත්තේ මෙයා නිසා කියලා මේ කිසි දෙයක් කියන්නේ නැති ව අහගෙන හිටියා ලැජ්ජාව නිසා, මොකද ඒ අය විශාල මතවාදයක් හැදුවා මේ කණ්ඩායමක් හොරකම් කරලා තියෙනවා හොරු තමයි මේ රට විනාශ කරලා තියෙන්නේ කියන මතවාදයට අර ගමේ සංවර්ධනය කරබාගෙන අපේ අය අහගෙන හිටියා, කියන්න මැලි වුණා, ඒ වෙනුවෙන් පෙනී ඉන්න මැලි වුණා, හැබැයි අපි දන්නවා. අවුරුදු 76 ක් තුළ හොරකම් කළා නම් මුකුත් ඔබතුමාලාගේ ගම් වලට සිදු නොවුනා නම් මේ ගම් තියෙන්නේ අද මේ විදිහට නෙමෙයි.දැන් වෙච්ච දේ වෙලා ඉවරයි, ඒ නිසා තමයි මම කියන්නේ අස්වාභාවිකා ඡන්ද වැඩි වීමක් වුණේ ඒ අයගේ දක්ෂතාවයෙන් නෙමෙයි, එදා මේ රටේ තිබුණ තත්වයත් එක්ක, ඒ තත්වයට මුහුණ දෙන්න අපේ අය ගමේ මුහුණ දෙන්න බැරිකමට යොදා ගත්ත ක්‍රමවේදය වුණේ, වැඩියෙන්ම මඩ ගහන, වැඩියෙන්ම ගමට තර්ජනයක් තියෙන ඒ කණ්ඩායමේ කොටස්කරුවෙක් වෙන එක තමයි කලේ.ඒ නිසා තමයි ඒ මැතිවරණ ප්‍රථිපලය ලක්ෂ 04 , ලක්ෂ 56 ක් වුණේ.
හැබැයි අපි සතුටු වෙනවා ඇල්පිටියේ ජනතාව ගැන, මැතිවරණයක් තියලා, අපි පරාජය වෙලා,ජනාධිපතිවරයෙක් මේ රටේ පත් කර ගෙන මාසයයි, දවස් ගණනකින් තිබුණ ඡන්දයෙන් ඇල්පිටියේ ජනතාව හොඳ උත්තරයක් දුන්නා.ඒ වෙලාවේ එහෙම උත්තරයක් ජනාධිපතිවරණයේදී දුන්නාට, ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයටත් 15 යි, විපක්ෂයටත් 15 යි, එහෙම නම් රටේ ජනතාව දැන් තීන්දු කරලා තියෙනවා රැල්ල හැමුවාට ජනාධිපතිවරණයේදී, නෑ ඒකත් එක්ක මේ රට ගෙනියන්න බෑ කියන එක මාසයක් ඇතුලත අපේ රටේ ජනතාව තේරුම් අරන් තියෙනවා, ඇල්පිටියේ ජනතාව ඒක කතිරයෙන් ඔප්පු කරලා තියෙනවා.අද අනුර කුමාර සහෝදරයාට අභියෝග කරනවා පුලුවන් නම්, ඔබතුමා කලින් කිව්වා වගේ වෙන පක්ෂ එක්ක සම්බන්ධ වෙන්නේ නැතිව, වෙන මිනිස්සු සල්ලි වලට ගන්නේ නැතිව, වෙන අය ඈඳා ගන්නේ නැතිව, පුලුවන් නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අවුරුද්දක් කරලා පෙන්වන්න කියලා අපි ඒ අයට අභියෝග කරනවා, ඒ අයට කරන්න බැරි වෙනවා.හැබැයි අපි මේ සේරම කියන්නේ රට ප්‍රශ්නයකට ගෙනියන්න නෙමෙයි.ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ප්‍රශ්නයකට ගෙන යන්න නෙමෙයි.අපි මේ කථා කරන්නෙ යථාර්තය පිළිබඳව.ජනාධිපතිවරණයේ ප්‍රථිපලත් ඇල්පිටියේ ප්‍රථිපලත් එක්ක ඇල්පිටියේ ජනතාව මේ රටට පණිවිඩයක් දෙනවා, අපි පහුගිය ජනාධිපතිවරණයේ රැවටුණාට, දැන් අපි හිතලා පාර්ලිමේන්තු මැතිවරණයේදී සුවිශේෂී වූ තීන්දුවක් ගන්න ඕන කියන කාරණාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් කියලා තියෙනවා.
අනුර කුමාර ජනාධිපති සහෝදරයා, පහුගිය කාළයේ කියපු දේවල්, ජනාධිපති වෙලා කරන දේවල් පිළිබඳ කියන්න යන්නෙ නෑ,ජනතාවට ටී.වී එක බැලුවාම පේනවා, පත්තරය කියවද්දී දකින්න ලැබෙනවා, හැමෝම සමාජ මාධ්‍ය භාවිත කරන නිසා නිකං හරි දැකලා තියෙනවා කලින් කිව්ව දේයි, දැන් කියන දේවලුයි.හැබැයි අපි එක දෙයක් විතරක් මතක් කරනවා, මම දැක්කා අනුර කුමාර ජනාධිපති සහෝදරයා කියනවා නොවැම්බර් මාසේ 14 වැනිදා කියලා කියන්නේ පාර්ලිමේන්තුව ශුද්ධ කරන ශ්‍රමදානයේ දවස කියලා.එතුමා දැන් වගකීමෙන් කථා කරන්න ඕනකම තියෙනවා.එතුමා මේ රටේ ජනාධිපතිවරයා, ඡන්දේ දුන් අයගේ ජනාධිපතිවරයා පමණක් නෙමෙයි, ඡන්දය නොදුන්න,අපේත් -ඔබේත් ජනාධිපතිවරයා තමයි අනුර කුමාර සහෝදරයා, එතුමා දැනගන්න ඕන මේ පාර්ලිමේන්තුවේ තියෙන වටිනාකම, එයත් අවුරුදු 24 ක් පාර්ලිමේන්තුවේ හිටියා, මමත් අවුරුදු 24 ක් පාර්ලිමේන්තුවේ හිටියා, අපි දෙන්නම 2000 ඉඳන් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ, පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ නීතී-රීතී සම්පාදනය කරන උත්තරීතරම ආයතනයයි.එහෙම නම් මේ පාර්ලිමේන්තුව පිරෙන්න ඕන, අත්දැකීම් තියෙන දේශපාලඥයින්ගෙන්, අලුත් අයගෙන්, තරුණයින්ගෙන්, කාන්තාවන්ගෙන්, විද්වතුන්ගෙන් මේ හැමෝගෙන්ම මේ පාර්ලිමේන්තුව පිරෙන්න ඕන, ඒ අය කියන එක දෙයක් අපි පිළිගන්නවා, ඒ තමයි හොරු පාර්ලිමේන්තු එවන්න එපා කියන කාරණය.අපි කවුරුත් මොන පක්ෂයක හිටියත් අපි කැමති නෑ, අපේ දේ හොරා කන කෙනෙක් පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි රාජ්‍යය ආයතනයක, අපේ ගෙදර ඉන්නවාට අපි කැමති නෑ,එහෙම නම් පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු යන්න ඕන කියන කථාව අපිත් තීන්දු කරනවා, අපිත් පිළිගන්නවා.හැබැයි අත්දැකීමක් නැති පිරිසක් පාර්ලිමේන්තුවේ වැඩි කර ගත්තොත් පාර්ලිමේන්තුවක් ගෙනියන්න බෑ,ඒක හරියට අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙන්න කලින් කියනවා මම ජනාධිපති වෙලා දවස් දෙකක් ඇතුළත මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහාභාණ්ඩාගාරයේ අධිපතිත් අයින් කරනවා කියලා කියනවා.අත්දැකීමක් නැතිව එහෙම කිව්වට, එයා ජනාධිපති වෙලා තාමත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහා භාණ්ඩාගාරයේ අධිපති රනිල්ගේ ආණ්ඩුවේ හිටපු දෙන්නයි.ඒ දෙන්නම තියා ගන්න තීන්දු කරපු එක ගැන අපි අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.බැරි වෙලා හරි එයා ඔය කියන විදිහට පාර්ලිමේන්තුව ශුද්ධ කරනවා වගේ අලුත්ම අයගෙන්, අත්දැකීමක් නැති අයගෙන් දෙන්නෙක් බැරි වෙලාවත් මේ තනතුරු වලට පත් කරා නම් අද වෙනකොටත් මේ රට වැටිලා, හැබැයි අනුර කුමාර තේරුම් අරන් තියනවා දිනන්න කළින් එහෙම කිව්වට දින්නට පස්සේ මෙහෙමයි කියලා.ඒ පිළිබඳ අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා.මොකද මේක පක්ෂයක අනාගතයක් නෙමෙයි, රටක අනාගතයක්, විශේෂයෙන්ම ආර්ථිකය වැටිච්ච බොහෝම අමාරුවෙන් අවුරුදු 02 ක් තුළ යම් තැනකට ගෙන ආව රටක් මේක. අපි තාම දිනලා ඉවර නෑ ආර්ථික වශයෙන්, අපි නැගිටලා ඉවර නෑ රටක් විදිහට.එහෙම නම් මේ ගමන ගිහින් තමයි අපිට අවසානයක් දකින්න වෙන්නේ.එහෙම නම් ඒකට අත්දැකීමක් තියෙන මිනිස්සු ඉන්න ඕන. පළපුරුද්දක් තියෙන මිනිස්සු ඕන, ඒ නිසා තමයි අනුර කුමාර පාර්ලිමේන්තුව කොච්චර සුද්ධ කරන්න කිව්වත් රාජ්‍යය නායකයා විදිහට මුදල් අමාත්‍යංශ ලේකම්, මහා භාණ්ඩාගාරයේ අධිපතිවරයාත් පරණ දෙන්නාම තියා ගත්තේ අන්න ඒ හේතුව නිසා, එතුමත් පිළිගන්නවා පළපුරුද්ද, අත්දැකීම අවශ්‍යයයි කියලා, එහෙම නැත්නම් එතුමාගේ අර ආර්ථික කවුන්සිලයේ දෙන්නෙක් දාගත්තානම් මේ රට ගෙනියන්න බැරි වෙනවා, ආර්ථික වශයෙන් හිර වෙනවා, එහෙම නම් ඔබතුමන්ලා පාර්ලිමේන්තුවට හොඳ අය එවන්න ඕන, තරුණයෝ යවන්න ඕන ,උගතුන්, බුද්ධිමතුන් යවන්න ඕන .ඒ හා සමානවම අත්දැකීම් තියන, පළපුරුදු මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනකම තියෙනවා.
ඒත් එක්කම අනුර කුමාර ජනාධිපති සහෝදරයා, මේ පාර්ලිමේන්තුව ශුද්ධ කරන්න ඕන කියලා කියන්න තව හේතුවක් තියෙනවා, අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඔලුවෙන් හිටගෙන දැඟලුවත්, එතුමාට පාර්ලිමේන්තුවේ ඉන්නේ 03 දෙනයි, එක්කෙනෙක් එළියේ, දෙන්නෙක් ඇමතිකම් කරනවා.එයාගේ කැබිනට් එකේ 25 ක් ගැන එයා කියනවා, එයාගේ නියෝජ්‍යය ඇමතිවරු 25 ක් ගැන එයා කියනවා. එයා හිතන විදිහට එයා ආණ්ඩුව හදනවා නම් එයාට 50 ක් ඕන ඇමතිවරු 25 යි, නියෝජ්‍යය ඇමතිවරු 25 යි.අත්දැකීමක් තියෙන 50 ක් ජේ.වී.පී එකේ ඉන්නවාද? ඇමතිකම් කරලා, පළාත් සභාවේ ඉඳලා, ප්‍රාදේශීය සභාවේ හිටපු අය එකතු කළත් 50 ක් හොයා ගන්න පුලුවන්කමක් තියෙනවාද? එහෙම නම් අනුර කුමාර තමන් ගාව අත්දැකීමක් තියෙන, පළපුරුද්දක් තියෙන මිනිස්සු නැති නිසා තමයි එහෙම කියන්නේ , තමන් ගාව එහෙම දේශපාලඥයෝ හිඟයක් තියෙන නිසා තමයි අනුර කුමාර පුන-පුනා මේ රටේ මිනිස්සුන්ට බල කරන්නේ, අන්න පරණ එවුන් ටික එළවපන්, එළවපන් කියන්නේ එයා ගාව නැති නිසයි.බැරි වෙලා හරි එයා ගාව හිටියා නම් ලොකු පිරිසක්, එයා ඔය කථාව කියන්නේ නෑ,නැතිකමට තමයි ඉන්න මිනිස්සුන්ට එයා පහර ගහන්නේ, එයා ගාව කණ්ඩායමක් නැති නිසා , පළපුරුද්ද අත්දැකීම තියෙන මිනිස්සු හොයා ගන්න බැරි නිසා, පළපුරුද්ද අත්දැකීම තියෙන සියලු දෙනාටම හොරු කියන ලේබල් එක ගහලා තියෙනවා අනුර කුමාර, හැබැයි මේක නෙමෙයි යතාර්ථය, අපි අනුර කුමාරගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා,අපිත් කැමතියි හොරු එළවන්න, හැබැයි ඒ වගේම තමයි උගන්ඩා කුමාරී වගේ දේශපාලන වේදිකාවේ බොරු කියලා, දේශපාලන වේදිකාවෙන් එළියට ඇවිල්ලා, ඔවු මං දැනගෙන තමයි මේ බොරු කිව්වේ කියන බොරුකාරයොත් මේ පාර්ලිමේන්තුවේ පිරුණොත් මොකද වෙන්නේ.එහෙම නම් අපි අහන්න ඕන අනුර කුමාරගෙන්, හොරු හොඳ නෑ වගේම අපි කියනවා ඔබතුමා කටක් ඇරලා දේශපාලන වේදිකාවේ කියන්න, උගන්ඩා කුමාරි වගේ බොරු කියන, මහජනතාව අවුස්සන , මහජනතාව කුපිත කරවන ඒ වගේ උගතුන් බුද්ධිමතුන්ගෙන්ද අනුර කුමාර පාර්ලිමේන්තුව පුරවන්න යන්නේ. උගන්ඩා කුමාරී වැමෑරුවේ අපි කියලා නෙමෙයි, එයාමයි වැමෑරුවේ, එයා කියපු දේ අපි පෙන්නලා දුන්නෙත් නෑ, අපිටත් ඒක අහුවුණේ එයාම වේදිකාවේ කිව්ව දේ, එයාම යූටියුබ් නාලිකාවකට කිව්වාමයි අපිත් දන්නේ.නැත්නම් අපිත් ඒක එච්චර ගණන් ගත්තේ නෑ,ඒ නිසා අනුර කුමාර මහත්තයාගෙනුත් අපි ඉල්ලීමක් කරනවා, ඔබතුමාගේ අපේක්ෂකයින් අතරිනුත් බොරුකාරයෝ නොවන අය පාර්ලිමේන්තු එවන්න කියන එකත් ඔබතුමා වේදිකාවේ කියනවා නම් ඒක තමයි නියම කොලිටියක් තියෙන පුද්ගලයෙක් වෙන්නේ.රටට හොඳ අනාගතයක් දකින ජනාධිපතිවරයෙක් නම් එතුමා ඒ විවේචනයත් තමන්ගේ කෙනෙක් වුණත් කරන්න ඕන.
අපේ බහුතරයක් තමයි මාලිමාවත් එක්ක එකතු වුණේ, නොයෙකුත් කළකිරීම්, නොයෙකුත් දේවල් නිසා, එදා මාලිමාවට කතිරය ගහපු රජයේ සේවකයෙක් අද තමන්ගේ පඩියත් නැති කර ගෙන,නිවාඩුත් නැති කර ගෙන,මේ මාසේ හම්බෙන්න තිබුණ පන්දාහත් නැති කරගෙන, ලබන මාසේ ලැබෙන්න තිබුණ පන්දාහත් නැති කර ගෙන, ලබන මාසේ ලැබෙන්න තිබුණ පන්දාහත් නැති කරගෙන, දෙසම්බර් මාසේ ලැබෙන්න තිබුණ පන්දාහත් නැති කර ගෙන, මම හතන්නේ නෑ රජයේ සේවකයෙක් ආයේ පාරක් අර වගේ තොගේට කඩේ යයි කියලා මම හතන්නේ නෑ.ඒ වගේම ගුරුවරු ටිකත් ඒ වගේම තමයි.
අපි පටන් ගත්තේ විපක්ෂයේ දේශපාලනය කරන්න, හැබැයි අපිට ඇල්පිටියේ ඡන්ද ප්‍රථිපලයත් එක්ක පේනවා, විපක්ෂය දේශපාලනය නෙමෙයි, අපිට ආණ්ඩුවක් ගන්න හැකියාවක් තියෙනවා කියලා. තවත් දවසින් දවස අපි ශක්තිමත් වුණොත්, ඒ අය කරන කියන දේවල් වලින් ඒ අයගෙ ඇත්ත එළිවෙන්න පටන් ගත්තොත් අපිට නොවැම්බර් මාසේ 14 වැනිදා ප්‍රබල විපක්ෂය නෙමෙයි ආණ්ඩුවක් හදන්න පුලුවන් කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවා.
අපි ආණ්ඩු කරද්දී කිව්වා ඉපදෙන්න ඉන්න එකත් ලක්ෂ කෝටි ගණනක් ණයයි කියලා, දැන් ගන්න ණය වලින් ණය වෙන්නේ නැද්ද ඉපදෙන්න ඉන්න එකා, දැන් ඔන්න තවත් බිලියන 100 ක් ද කොහෙදෝ අච්චු ගැහුවා කියනවා, මේවා ණය නෙමෙයිද? ඉපදෙන්න ඉන්න එකාට මේවා එකතු වෙන්නෙ නැද්ද, මේ වගේ පට්ටපල් බොරු කිව්ව කණ්ඩායමත් එක්ක අනාගතයක් නෑ යැයි පැවසීය