අපි එඩිතර විපක්ෂයක් හදනවා
“විජිත හේරත් ඇමති කිව්වා සල්ලි අච්චු ගැහුවේ නැහැ කියලා. අච්චු ගැහුවා නම් අනුර කුමාරගේ අත්සන ඒකේ තියෙන්න ඕනෙලු. මම පුදුම වුණා. අවුරුදු 25ක් විතර පාර්ලිමේන්තුවේ හිටපු…මට සමකාලීනව කැලණිය සරසවියේ ඉගෙන ගත් කෙනෙක් නේ ඔහු.”
“මුදල් අච්චු ගහනවා කියන්නේ රුපියල්වලින් කොල අච්චු ගහන එකට නෙමෙයි. මේකෙන් කියන්නේ රටේ මුදල් සංසරණය… ද්‍රවශීලතාවය වැඩි කරනවා කියන එක.”
“විජිත හේරත් ඇමතිතුමා… මට හිතෙන්නේ අවංකවම ඔහු දැනගෙන හිටියේ නැහැ…මේ ආර්ථික විද්‍යාවේ සරල සංකල්පය.”
“ලංකාවේ මුදල් ද්‍රවශීලතාවය වැඩි කරලා තියෙනවා.. ඒකෙන් අදහස් වෙන්නේ ළඟදීම ඔබ ගෙවන බඩුවලට ගෙවන්න තිබෙන ගාන වැඩි වෙනවා. උද්ධමනය වැඩි වෙනවා.”
“අපි දේශපාලන ව්‍යාපාරයක් හැදුවේ ඔබ වෙනුවෙන්. ඔබ උදේ නැගිටලා ගිහින් ඡන්දෙ දැම්මට පාඩුවක් වෙන්නේ නැහැ. පළවෙනි වතාවට අපි හදනවා එඩිතර විපක්ෂයක්. විපක්ෂය තියෙන්නේ ඔබ වෙනුවෙන් පෙනී සිටින්න.”
රද්දොළුගම පැවති ජන හමුවකදී ර්වජන බලයේ නායක (ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක) ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
Derana tv