අද වැඩ කරපු පක්ෂය පැරදිලා, වැඩ නොකරපු කයිවාරු ගහපු පක්ෂය ජයග්‍රහණය කරලා

අද මේ ගම්මානවල සංවර්ධනයක් ඇතිවුණා නම් ,පාර හැදුනනම්, විදුලිය ලැබුනනම් ඒ සියල්ලම සිද්ධ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.අද වැඩ කරපු පක්ෂය පැරදිලා.වැඩ නොකරපු කයිවාර ගහපු පක්ෂය ජයග්‍රහණය කරලා.දේශපාලනය එහෙම තමයි,අවුරුදු දහයකට විස්සකට සැරයක් උඩු යටිකුරු වෙනවා.ඒක අපේ ඉතිහාසයෙත් දැකලා තියෙනවා.හැබැයි ඒ අය පාවිච්චි කලේ මොකක්ද, ජනතාවගේ මනසට දැම්මා සංවර්ධනය කරපු කෙනා හොරා කියලා.වැඩ නොකරපු කෙනා තමයි හොඳ.පාර හදන කෙනා හොරා.විදුලිය දෙන කෙනා හොරා.පහුගිය කාලේ උතුරු මැද මහ ඇල යකල්ල හරහා වතුර ගේන්න සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කළා.මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ යෝජනා කළේ,ගෝඨාභය ජනාධිපතිතුමා කාලෙ ව්‍යාපෘතිය ආරම්භ කළා.අද එම සංවර්ධන ව්‍යාපෘතිය නවත්තලා දාලා. මට මතකයි, මම ඒ ඇල පාර දිගේ පල්ලෙහාට ඇවිද්දා.හැබැයි අද හදපු කෙනා හොරා.ඒක විවේචනය කරන කෙනා හොඳ කෙනා.අරගලය කාලේ බෝඩ් උස්සන් හිටියේ,උගන්දාවේ සල්ලි,දේපළ අපේ,අරක නාමල්ගේ මේක නාමල්ගෙ කී කියා බෝඩ් උස්සගෙන හිටියා.එදා කළේ ජනතාවගේ මනසට වෛරය දාපු එක.වැඩ කරන්න බැරි වෙනකොට වෛරි දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළා.අදටත් අපි කියනවා උගන්ඩාවේ නෙමෙයි ලෝකේ ඕනම රටකට ගිහිල්ලා අපි අයථා උපයාගත්ත දේපලක් තියෙනවා නම් හොයාගෙන රටට ගේන්න.අපි ඕනම දේකට මුහුණ දෙන්න ලෑස්ති.ඒ යනකොට ඉත්තෑකන්දේ ස්වාමීන් වහන්සේ , මමයි, තිස්ස කුට්ටි එක්කරන් යන්න කියලා මතක් කරනවා.මේ අය අපේ දේපල හොයන්නත් ලෝක වටේ යන්නේ මේ ජනතාවගේ මුදලින්.මේ සවාරි ගහන්නේ ජනතාවගේ මුදලින් කියන එක අපි අමතක කරන්න හොඳ නෑ.මේක තමයි ඇත්ත කතාව.

මැතිවරණ වේදිකාවේ ගොඩක් බොරු කිව්වා. මැතිවරණ වේදිකාවේ දුන්න පොරොන්දු , ප්‍රායෝගිකව අද බිම පල කරගන්න බැරුව ඉන්නේ.අද ඒක වහගන්න දඩයම පාවිච්චි කරනවා.අපි ආණ්ඩුවට කියනවා , පාස්පෝට් පෝලිම අයින් කරන්න කටයුතු කරන්න කියලා.එදා එතුමන්ලා , විපක්ෂ ඉන්නකොට කිව්වේ , රටේ තරුණයන්ට රට ගැන බලාපොරොත්තුවක් නැති නිසා රට අත ඇරලා යනවා කියලා.බලාපොරොත්තු සුන් වෙච්ච නිසා පාස්පෝට් පෝලිම්වල ඉන්නවා කියලා තමයි කිව්වේ.එයාලා ආපුවාම රටේ තරුණ තරුණියන්ට බලාපොරොත්තු ඇති වෙනවා කියලා කිව්වා.දැන් අද එයාලා බලයට ඇවිල්ලා.පෝලිම දැන් තවත් දික් වෙලා.දැන් අපිට අහන්න තියෙන්නේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ නැවත බලාපොරොත්තු සුන් වෙලාද කියලා.අන්න ඒ නිසා , මේ වේදිකාවේ ප්‍රසිද්ධ වෙන්න අපි තර්ක කරලා වැඩක් නෑ.කාගේ ඔලු ගෙඩි මාරු වුනත් පාස්පෝට් පෝලිම අයින් කරන්න බෑ, තාක්ෂණයත් එක්ක මේක බද්ද කරනකන්.රටේ ඕනෑම පුරවැසියෙකුගේ හැඳුනුම්පත ඩිජිටල් කරණයට පරිවර්තනය වෙන්න ඕනේ.ඒ වගේම ඩිජිටල් පාස්පෝට් එක දෙන්න ඕනේ.ඒකට මේ අවශ්‍ය කට්ටිය විතරක් එන්න කියන එක හරියන්නෑ.තව ටික කාලයක් යනකොට අවශ්‍ය කෙනා විතරක් පොල් ගන්න එන්න කියයි.අවශ්‍ය ළමයි විතරක් ඉස්කෝලේ එන්න කියයි.අවශ්‍ය කට්ටිය විතරක් බිත්තර ගන්න කියයි. මට නම් බිත්තර අවශ්‍යතාවයක් නැහැ.හැබැයි එහෙම කියලා ඇඟ බේරගන්න බෑ.පහුගිය ආණ්ඩු වලට චෝදනා කරලා වැඩකුත් නෑ.ජනතා මේක වෙනස් කරලා දුන්නේ රට හදන්න.අපි ඒ කාලේ නිදහස් 2022 කලින් digital පාස්පෝට් එකට කැබිනට් අනුමැතියත් අරගෙන ,ඉන්දියාවෙන් ඩොලර් අසූවක ආධාරයකුත් අරගෙන වැඩේ පටන් ගන්න හැදුවේ.අරගලෙන් පස්සේ, මං අයින් වුනාම අද වෙනකන් ඒ වැඩේ වුනේ නෑ.ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කලෙත් නෑ.දැන් කුමාර දිසානායක ජනාධිපතිතුමාට කරන්න පුළුවන් ඒ වැඩේ.මේ සති පහ ඇතුළත කරන්න තිබුණා.ඒකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 80 ක් ආධාරයක් විතර ඇවිල්ලා තියෙන්නේ.ඒත් ඒක ක්‍රියාත්මක කළේ නෑ.මම බලාපොරොත්තු වෙනවා එතුමා ඒක කරයි කියලා.අද රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ.මේ රටේ පුංචි අයගේ අධ්‍යාපනය හදලා දෙන්න ඕනේ.ලෝකෙට ගැලපෙන විදිහට අලුත් රැකියා වෙළඳපොළට ගැලපෙන විදිහට,අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ.මෙච්චර කාලයක් ඒක කරන්න දුන්නේ නැත්තේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති හා ශිෂ්‍ය සංවිධාන.

පහුගිය කාලෙ මතකයිද බැනුම් ඇහුවේ ආණ්ඩුව.ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්න කියලා,පාසල් ළමුන් බිල්ලට තිබ්බා,රටේ ජනතාව ආණ්ඩුවට බැන්නා,ඒකෙ වාසිය ජීවි පි එක ගත්තා.අද එයාලා ආණ්ඩුවට ඇවිල්ලා.ඒ දේශපාලනයෙන් අපි අයින් වෙන්න ඕනේ.අනාගතයේ පැහැදිලි දැක්මක් එක්ක දේශපාලනය කරන්න ඕනේ.අපි එකිනෙකාට මඩ ගහ ගත්තා කියලා ,හරි යන්නෙ නෑ අපි දැක්කා හිටපු ජනාධිපතිතුමයි , වර්තමාන ජනාධිපතිතුමයි ආයෙ බැන ගන්න පටන් අරගෙන තියෙනවා.හිටපු ජනාධිපතිතුමා කියනවා ඔයාට තියෙන සුළුතරයක් කියලා.දැන් ඉන්න ජනාධිපතිතුමා කියනවා මම නෙමෙයි උඹත් සුළුතරේ කියලා.ඒ දෙන්නා බැනගත්තේ කියලා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.එක්කෝ යෙදෙන්න බැන ගන්නව නැත්තං අපිට හොරා කියනවා. මේ ආණ්ඩුවට මීට එහා වැඩපිළිවෙලක් නැහැ.ඒක තමයි ඇත්ත කතාව.මේ ආණ්ඩුව මොනවා කරත් යහපාලන ආණ්ඩුව ගැන කතාවක්වත් නැහැ.බැන්නොත් බනින්නේ 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට.බැඳුම්කරගෙන හොයන්නෙවත් නෑ.උගන්ඩාව ගැන තරම්වත් , බැඳුම්කරේ ගැන කතා කරන්නේ නෑ.අපිට කොච්චර මඩ ගැහුවත් කමක් නෑ රටේ ජනතාවට ඒකෙන් යහපතක් වෙනවා නම්.අපේ හිරේ දැම්මට පස්සේ , රටේ ජනතාවගේ ප්‍රශ්න විසදෙනවා නම් කමක් නෑ ඒකත් කරන්න , කියලා මේ ආණ්ඩුවට අපි කියනවා.අපි දේශපාලනය කරන්නේ ජනතාව වෙනුවෙන්.රටේ ජනතාව වෙනුවෙන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්.අපිට ඕනේ රටේ ප්‍රශ්න විසඳන්න ජනතාවට යහපතක් වෙනවා දකින්න.හැබැයි බොරුවට මැතිවරණ වේදිකාවේ මඩ ගහන්න, චරිත ඝාතනය කරන දේශපාලනයෙන් ඈත් වෙන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.අද වෙනකොට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ අලුත් බලවේගයක් වෙලා තියෙන්නේ.තරුණ නායකයෝ ඉදිරිපත් කරලා තියෙනවා.අනුරාධපුර කණ්ඩායමත් අලුත් කණ්ඩායමක්.අද රටේම සියලුම සභාපතිවරු නගරාධිපතිවරු අලුත් අය ඉන්නේ.අපි පක්ෂයක් විදියට අලුත් වෙලා තියෙන්නේ.අපි තරුණ පිරිසක් දාලා තියෙනවා අපිට ඕන ඊළඟ පරම්පරාවේ මේ පුංචි දරුවන්ට රටක් හදන්න.අපි ගේන යෝජනා අපි ගේන සංවර්ධන ව්‍යාපෘති, අවුරුද්දකට දෙකකට බලපාන ඒවා නෙමෙයි අපි යෝජනා කරන්නේ දීර්ඝ කාලීනව රටට බලපාන විදිහට.අපි උතුරු මැද මහලා හැදුවේ එක පරම්පරාවකට පාවිච්චි කරන්න ප්‍රයෝජන ගන්ඩ නෙමෙයි.ඒක පරම්පරා ගානකට ප්‍රතිඵල එන විදිහේ ව්‍යාපෘතියක්.අපි අද හෙට ලබන අවුරුද්දේ ඒ විදිහට දේශපාලන තීන්දු ගන්නේ නෑ දීර්ඝකාලීන දේශපාලන තීන්දු තමයි අපි ගන්නේ.ඒ නිසා මේ පාර අපි බලයට ගේන්න කියලා මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් අමතමින් පැවසීය