විදේශ සංචාරකයින්ට මෙරට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට බාරදුන් අතර, මෙරට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් දින 90 ක රැඳවුම් නියෝග මත සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් සිටින බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.
මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසත් විමර්ශන නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ.
ආරුගම්බේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී මේ දක්වා සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර මාලදිවයින් ජාතිකයෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.