උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්න

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ 2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙසත්. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා 2024 උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවය විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට නියමිත බවත් පැවසීය.

සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය කාල සීමාව පුරා නොයෙක් අර්බුද හේතුවෙන් විභාග ඉතා අක්‍රමවත් ලෙස පැවැත්වීමට සිදුවු බවත් 2026 වසර ආරම්භයේ දී විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.