රට නිරාගමික කරන විදිහ, රණවිරුවන් දංගෙඩියට ගෙන ගෙන යන විදිහ ජනාධිපතිතුමාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 පිටුවේ තියෙනවා

 

 

ඔබට වැදගත් වන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා පොරොන්දු ගොඩක් දීපු පිටු 260කින් යුක්ත පොතක් ඔහු ඉදිරිපත් කරලා. දැන් ඒ පොත ඔහු ගාව තියෙනවා. ඔය පොතේ තියෙනවා 230 වැනි පිටුව මේ රට නිරාගමික කරන පිටුව. මේ රටේ රණවිරුවන් දංගෙඩියට ගෙනියන විදිහත් ඔය පොතේ තියෙනවා. එතකොට අපි කියනවා අපේ අනුර කුමාර මිත්‍රයාට ඕක දාන්න කියලා හාමු මහත්තයා කිව්වාට, ඔබ දැම්මාට ඕක දැන් කරන්න ඕනේ නෑ ඔබට තියෙනවා විපක්ෂයේ සහයෝගය බය වෙන්න එපා අනුර අපි ඔක්කොම එකට හිටගමු. අනුර කුමාර ජනාධිපතිතුමාට එතුමා දන්නවා දවස් 30කට වැඩිය පොත අල්ලගෙන ඉන්න බැහැ කියලා. එතුමා දැම්මා කඨින පිංකම තියෙන පෝය දවසට ඡන්දේ. ව්‍යවස්ථානුකූලව හරිනම් ඡන්දේ වැටෙන්නේ පෝයට. ව්‍යවස්ථාවත් කඩලා, ලංකාවේ තියෙන උත්තරීතරම නීතියත් කඩලා ඡන්දේ ගෙනාවා දවසක් කලින්. කාල බෝම්බය සෙට් කරලා තියෙන්නේ දින 30ට. ඊට පස්සේ ඡන්දේ තිබ්බොත් ලොවෙත් නැති වෙන්න පරාජය වෙනවා. ඒක නිසා තමයි මේ හදිසියේ මේ ඡන්දේ තියන්නේ.

පොල්පිතිගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසූයේ නාධිපතිවරයා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් රටට අහිතකර කළ නොහැකි දෑ ක්‍රියාත්මක කිරීමෙන් වැළකිය යුතු බවයි.