ප්රවෙස්මින් whatsapp බාවිතා කරන්න
WhatsApp පණිවුඩ මගින් OTP password තොරතුරු ඉල්ලා එවන පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස Sri Lanka CERT ආයතනය මහජනතාවගෙන් ඉල්ලාසිටියි.
ඒ අනුව විවිධ බැංකු ,වාණිජ ආයතන ,අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග ,මුදල් තෑගි ,දිනුම් වාසනා , අධිකලාබදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකිරක්ෂා ලබාදීමට, ලියාපදින්චිවන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ඉල්ලාසිටියි.
WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP password තොරතුරු ඉලා සිටීම මගින් ඔබගේ whatsApp ගිණුම අපරාධ කරුවන්ගේ ග්රහනයට ගනු ලබයි. එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු සිදුකරනු ලබයි. ඔවුන් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක ,ජංගම දුරකථන වල ඇති දත්ත සො රා ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි.
එමෙන්ම අන්තර්ජාල ගනුදෙනුවලදී සමාජ මාධ්‍ය හරහා ලැබෙන පනිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවායේ නිතානුකුල භාවය හා ව්‍යාජ නොවන බව තහවුරු කරගන්න ලෙසද දැනුම් දෙන අතර එම පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.
මෑත කාලයේ මෙවැනි අපරාධ වලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව Sri Lanka CERT ආයතනය පවසයි.