ඔක්තෝබර් 25 වෙනිදා වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය රුපියල් කෝටි 16,000 කි. පාරිභෝගිකයින් සංඛ්යාව මිලියන 7.5 කි. එනම්, ආර්ථික පීඩා හමුවේ අසරණ ව සිටින සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු.21,000 කට වැඩි අමතර මුදලක් අය කර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කොට තිබේ.
මේ අතර, දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙන බව මාධ්ය මගින් ප්රකාශයට පත් වී තිබේ. මහජන උපයෝගීතා කොමිසම ද, මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කර ඇති අතර, 4% ත් – 11% ත් අතර මුදලකින් විදුලි බිල අඩු කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනා කොට තිබෙන බව සඳහන් වේ.
කෙසේවෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය මෙසේ අධික ලාභ ලබමින්, එක් පාරිභෝගිකයෙකුගෙන් රු. 21,000 කට වැඩි අමතර මුදලක් ලාභය ලෙස ලබා ගනිද්දී, ඔවුන් යෝජනා කොට තිබෙන විදුලි බිල අඩුවීම කිසිසේත්ම ප්රමාණවත් නොවේ. අධික ආර්ථික පීඩනයක මිරිකී සිටින ජනතාව වෙත ඔවුන් ලැබූ ලාභයට සාපේක්ෂව ඉහළ ප්රතිශතයකින් විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් මෙන් ම වගකීමක් ද ලංකා විදුලිබල මණ්ඩලය සතු බව අපි අවධාරණය කරමු.
-පාඨලී චම්පික රණවක-