ජාතික ජනබලවේගය කියන නාමයෙන් පැවතියද එහි පිටුපස ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි
“ජාතික ජනබලවේගය කියන නාමයෙන් පැවතියද එහි පිටුපස ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි”
නව ජනාධිපති ඉතා ඉක්මණින් සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති මුදල් ලංකාවට ගෙනවිත් ජනතාවට සහන සලස්වා, ජනතාව මත ඇති ජීවන බර ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.10.25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,
“අපි දන්නවා මේ රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයෙක් බිහි කරන්නේ හැටනව ලක්ෂයක ජනවරමකුත් ඒ වගේම පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයකුත් දීලා. ලොකු බලාපොරොත්තු ඇතිව මේ රටේ වෙනසක් කළා 2019 – 2020 කියන කාලයේ. නමුත් මේ රටේ ඇතිවෙච්ච කොවිඩ් වසංගතය දීර්ඝකාලයක් රට වසා තැබීම මත මේ රටේ ආදායම් ඉපයීම අහිමි වීමත් කියන කාරණා මත මේ රටේ ආර්ථිකය ඉතාම අපහසු තත්වයකට පත්වෙලා ඒ කාරණ මත තමයි ජනාධිපතිවරයාට සහ අපේ රජයට අතහරින තැනට කරුණු සිදු වුණේ. නමුත් මේ ආර්ථිකය කඩාවැටීමට හේතුව රට වසා තැබීම සහ කොවිඩ් වසංගතයත් මත ඇති වෙච්ච ප්‍රතිපලය කියන කාරණයත්, ඊට කලින් යහපාලන රජය කාලයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා විශාල ණය ප්‍රමාණයක් අරගෙන, ඒ ණය ප්‍රමාණය මත රටේ ආර්ථිකයට දැඩි බරක් කියන කාරණය වසන් කරලා දිගින් දිගටම ජනතාවට කිව්වේ මේ රාජපක්ෂවරු සහ අපේ ආණ්ඩුව ජනතාවගේ මුදල් හොරකම් කරලා සීශේල්ස් වලට යැව්වා, උගණ්ඩාවට යැව්වා කියලා. මේ රටේ තිබෙන විදේශ විනිමය විදේශ රටවලට යවලා ඒ මත මේ රටේ ආර්ථිකය කඩාවැට්ටුවා කියන කාරණය තමයි ජනතාවගේ මනසට ඇතුල් කළේ. මේ තත්වය යටතේ මේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මතුරවපු හොරකම, වංචාව කාරණය ඉතා දැඩිව විශ්වාස කළා. ඒ නිසා තමයි පොහොට්ටුවට ඡන්දය දීපූ ජනතාව ඒ ජනතා විමුක්ති පෙරමුණ කිව්ව කතා විශ්වාස කරලා මේ වතාවෙත් බහුතරයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ හිටපු මේ රටට ආදරය කරන , මේ රටේ ජාතිකත්වයට ගරු කරන ඒ ජනතාව තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ. හැබැයි අපි මාලිවේ ඔබ සැමට කියන්න ඕන ඔබතුමන්ලා ජනතාවට කිව්වේ මේ රටේ සල්ලි හොරකම් කරලා , පිටරට යවලා මේ රට කඩාවැටුණා කියලා නම්, දැන් ජනතාව බලාගෙන සිටිනවා එය ඔප්පු කරන්කන්. ඒ නිසා කරුණාකරලා සීශේල්ස් වල නැතිනම් උගණ්ඩාවේ ඒ කිව්ව සල්ලි වහාම ලංකාවට ගෙනල්ලා මේ තිබෙන ණය ගෙවලා ජනතාවට සහන සලස්වන්න. ජනතාව සිටින්නේ ඉතා අපහසුවෙන් පොල්ගෙඩියක්වත් ගන්න බැරි තරමට ජනතාව අපහසුතාවයකයි. ඒ නිසා මේ සියලු කාරණාවලට කලින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතුයි. මේ රටේ ජනතාවට දැන් ඡන්දයට කලින් තිබිච්ච තත්වයටත් වැඩිය ආර්ථික අමාරු තත්වයකට දිගින් දිගටම පත්වෙමින් යනවා. නමුත් ඔබලා කරන්නේ දේශපාලන පළිගැනීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වීමයි. ඊයේ නාමල් රාජපක්ෂ මැතිතුමා CID වෙත ගෙන්නුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නුවේ නිර්ණාමික ලේඛනයක් උඩයි. නිර්ණාමික ලේඛනයක් ගෙනල්ලා ජනතාවට සංදර්ශන පවත්වන්න එපා. දැන් ඒකට වෙලාව නොවේ. ජනතාව ඉන්නේ බොහෝම අමාරුවෙන්. ජනතාව මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ වැරදියට ලියාපදිංචි නොකරපු මෝටර් රථයක්වත්, නිර්ණාමික පෙත්සම් ගැන පරීක්ෂණ පවත්වනවා කියන කාරණය නොවේ. හෙට ඇල්පිටියේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඇල්පිටියේ ඡන්ද විමසීමට කලින් නිර්ණාමික පෙත්සමක් කියලා නාමල් රාජපක්ෂ මැතිතුමාව ගෙන්වලා මේ කරපු කාරණය අපි දකින්නේ සම්පූර්ණ දේශපාලන පළිගැනීමක් විදිහට. මෙය විරුද්ධවාදීන් මැඩලීමේ දේශපාලන පළිගැනීමක්. මෙය නොවෙයි ඔබතුමන්ලාගෙන් මේ රට බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දැනගෙන හිටියා ඔබතුමන්ලා ඔය ජාතික ජනබලවේගය කියන නාමයෙන් ආවට එහි පිටිපස්සේ තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ පළිගැනීමේ සහ වෛරී දේශපාලනය කියන එකයි. ඒ වූණත් මේ අවස්ථාවේ ජාතික ජනබලවේගය කියන කඩතුරාවට මුවාවෙන්න ඔබතුමලාට ඉඩ දීපූ ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වැනි අයට මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් වගකීමක් තිබෙනවා. මේ අවස්ථාවේදි වෛරී පළිගැනීමේ දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා මේ රට වෙනුවෙන් කටයුතු කරන්න. එසේ නොමැතිව නිර්ණාමික පෙත්සම් මත, ලියාපදිංචි නොකළ වාහන වැනි සිල්ලර කටයුතු උඩ විරුද්ධවාදීන් මේ ඡන්දයක් වෙලාවේ මැඩලන්න කටයුතු කරන්න එපා.
ඒ වගේම විමිතියට පත්වෙච්ච කාරණයක් තමයි The Island කියන පුවත්පතේ තිබුණු ලිපියක තිබ්බා ගරු ජනාධිපතිතුමාට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු එක් පක්ෂයක් විසින් කරන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියා. මේ පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිවරයා කිව්ව කියන ප්‍රවෘත්තියක් පලවෙලා තිබෙනවා. අනුර කුමාර ජනාධිපතිතුමනි ඔබතුමා මෙවැනි ප්‍රකාශයක් මේ රටට කළා නම් ඔබ වහාම මෙය නිවැරදි කරන්න. නැතිනම් ඔබතුමා මේ රට ගෙනියන්න හදන්නේ තවත් උතුරු කොරියාවක් කරන්නද කියන ප්රශ්නය මේ රටේ ජනතාවට තිබෙනවා. ඔවුන්ගේ විරුද්ධවාදීන් මැඩලලා ඒකපාක්ෂික ක්‍රමයක් යටතේ ඒකාධිපතියෙකු වීමට ඔබතුමා උත්සහ දරනවා කියන කාරණය තමයි මේ රටේ ජනතාවට පේන්නේ. මේ රට නිදහස ලබපු දවසේ ඉදන් ජනතාවගේ ප්රජාතන්ත්රවාදය අගය කරපු රටක්. කොයිතරම් ඒකාධිපතියෙක් කිව්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි දැක්කා ඡන්ද ප්‍රතිපල එන්න කලින් එතුමන්ගේ නිලතල භාරදීලා නිල මැදුරෙන් නික්ම ගිය හැටි. මේ රටේ හිටපු නායකයෝ කටයුතු කළේ ඒ ආකාරයටයි. ඔබතුමන්ලා කොයිතරම් ඒකාධිපතියෙක් කිව්වත් මේ රටේ හිටපු නායකයෝ කවදාවත් බලහත්කාරයෙන් බලයේ එල්ලිලා ඉන්න, විරුද්ධ පක්ෂ මැඩලන්න කටයුතු කළේ නැහැ. නමුත් ඔබතුමන්ලා විරුද්ධ පක්ෂ දඩයමකට ගිහිල්ලා මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනියන්න උත්සහ දරනවානම් මේ රටේ ජනතාවට යුතුකමක් තිබෙනවා මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට නිසි පිළිතුරක් දෙන්න. මේ රටේ ජනතාව එදත් අදත් හෙටත් ප්රජාතන්ත්රවාදයට ගරු කරන, ප්රජාතන්ත්රවාදය අගය කරන ජනතාවක් කියන පණිවිඩය දීමේ යුතුකමක් මේ රටේ ජනතාවට තිබෙනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.
එතුමා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් -:
අපි රටට ආදරය පක්ෂයක්. මේ රටේ නැවතත් බෝම්බ පිපිරීමක් වෙලා මේ රටේ සංචාරක ව්‍යාපාරය කඩාවැටනටවත් , මේ රටේ ජනජිවිතය අඩාල වෙනවාටත් පක්ෂයක් හැටියට අපි කිසිසේත්ම එකඟ නැහැ. ඒ නිසා මෙය ඉතාම කණගාටුදායක තත්වයක්. නමුත් අපි හිතනවා පහුගිය යහාපාලන රජය කාලයෙත් ඔවුන් කළේ විවිධ අන්තවාදි කල්ලි කණ්ඩායම්වල උදව් ලබාගෙන රජයක් පිහිටුවලා ඒ අන්තවාදී කල්ලි කණ්ඩායම්ට විරුද්ධව කටයුතු කරන්නේ නැතිව ඇස්කන් පියාගෙන බලාගෙන හිටපු නිසා තමයි රටේ එවැනි තත්වයක් ඇතිවුණේ. වත්මන් රජයත් බලයට එන්න එවැනි අන්තවාදී කල්ලි කණ්ඩායම්වල සහයෝගය ලබාගෙන තිබෙනවානම් අපි කියනවා කරුණාකරලා ඔබතුමන්ලා ඒ සහයෝගය ලබාගත්තට කමක් නැහැ, ඔවුන්ට විරුද්ධව වහාම කටයුතු කරලා මේ රටේ ජාතික ආරක්ෂාව සලසන්න. ඔබතුමන්ලත්, අපිත් දේශපාලනය කරන්නේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ රට රැකගන්න කරන දේශපාලනයක් මිසක්, පක්ෂයක් රැකගන්න කරන දේශපාලනයක් නොවේ. ඒ නිසා කරුණාකරලා ඔබතුමන්ලත් යහපාලන රජය වගේ බලය ලබාගන්න උතුරු නැගෙනහිර අන්තවාදී කල්ලි කණ්ඩායම්වල සහය ගත්තනම් වහාම ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න. අමතක කරන්න එපා ඔබතුමන්ලාගේ ජාතික ලැයිස්තුවේ තමයි පාස්කු ප්‍රහාරයට මුදල් වියදම් කරපු , පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරිච්ච පුද්ගලයින් දෙදෙනාගේ පියා වන ඊබ්‍රාහීම් කියන පුද්ගලයා හිටියේ. ඒ නිසා මේ කාරණා ගැන ඉතාම දැඩිලෙස පරික්ෂාකාරි වෙන්න ඕන. ඒ වගේම රටට දැඩි වගකීමක් තිබෙනවා ඔබතුමන්ලාට. ඔබලාගේ පක්ෂයේ තුළ තමයි කලින් ත්රස්තවාදීන් හිටියේ. මේ රටේ දිගටම ත්රස්තවාදීන් හිටියේ ඔබතුමන්ලාගේ පක්ෂය ඇතුලේ. ඒ නිසා මින් ඉදිරියටත් මේ රට එවැනි තත්වයකට පත්නොවිමට වගකීම ඔබතුමන්ලා සතුවෙනවා. ඒ නිසා කරුණාකරලා මේ රටේ ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව කියන වගකීම ඉටුකරන්න කියලා ඉල්ලා සිටිනවා.
තිලක් තේනුවර,
මාධ්‍ය අංශ ප්‍රධානි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.