ශිෂ්‍යත්වයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

05 වසර ශිෂ්‍යත්ව විභාගයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් පෙනී සිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. පිටවූ බව කියන ප්‍රශ්න සඳහා ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමතිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විභාග කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.