BMW මෝටර් රථයක සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයට ලබාදීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද 22 අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය හෙට දිනයේ ලබා දීමට සූදානම් අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අතර, පෙත්සම ලබන 25 වනදා කැඳවීමටද නියම වුණි.