දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මි.මී. 50ට වැඩි තරමක් තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට  ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී.75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.