චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කර තිබෙනවා.ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඩබ්. ප්‍රින්ස් සේනාධීර පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම්. ඩී. මහින්දපාල, ඩබ්. ජී. ටිතිර වික්මල්, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්. එස්. කේ. ජේ. බණ්ඩාර, බී. එන්. දම්මින්ද කුමාර හා වයි. අයි. ඩී. ගුණවර්ධන පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස එස්.එම්. සමන් සමරකෝන් පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි, ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්, එම්. කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා, ජී. එච්. වයි. මංජුල සිරිසෝම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල් හා අයි. ජී. සුලක්ඛනා කුමාරි පත්කර තිබෙනවා

.

තවත් මෙවැනි පුවත් එසැණින් දැන ගැනීම සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට,
පහත සදහන් සැබදියන් සමග එක්වීමෙන්ද ඔබට ePuwath එසැනින් නැරබිය හැකියි.
අපගේ නවතම ප්රවෘත්ති වැඩසටහන් නැරඹීම සඳහා epuwath Youtube නාලිකාවට පිවිසෙන්න
Contact Us – 0722963165
email : epuwath.com@gmail.com