කොදෙව්වන්ට පළමු T20 තරගයෙන් පහසු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු T20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.

දඹුල්ලේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය අතර 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගෙන තිබෙනවා.