මහේල ජයවර්ධන යළිත් මුම්බායි ඉන්දියන්ස් ප්රධාන පුහුණුකරු තනතුරට
මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් හි ප්රධාන පුහුණුකරු ලෙස යළිත් පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර 2017 සිට 2022 දක්වා එම තනතුර හොඹවනු ලැබුවා.
මහේල ජයවර්ධන ඉවත්වීමෙන් පසු හිටපු දකුණු අප්රිකානු ක්රිඩක මාර්ක් බවුචර් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කාලයක් කටයුතු කළා.
පස් වතාවක් ඉන්දීය ප්රිමියර් ලීග් ශුරතාව ජයගත් මුම්බායි ඉන්දියන්ස් පිල මහේල ජයවර්ධන යටතේ තුන්වරක් එම කුසලානය ජයගෙන තිබෙනවා.